සූරා 6 · ජුස් 7
Al-An'am · 6:102
ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ خَالِقُ كُلِّ شَيْءٍ فَاعْبُدُوهُ ۚ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ وَكِيلٌ
ඔහුය අල්ලාහ්. නුඹලාගේ පරමාධිපතිය. ඔහු හැර නැමඳුම් ලබන්නට කිසිවකු නොමැත. සියලු දෑහි මැවුම්කරුය. එබැවින් නුඹලා ඔහුට ගැතිකම් කරනු. තවද සියලු දෑහි භාරකරු වන්නේද ඔහුය.
තෆ්සීර්
ජනයිනි, මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූ ඔහු ඔබේ පරමාධිපතිය. ඔහු හැර වෙනත් අධිපතියෙකු ඔබට නැත. ඔහු හැර නැමදුම් ලබන්නට වෙනත් දෙවියෙකු නැත. සියලු දෑ ඇති කළේ ඔහුය. එබැවින් ඔබ ඔහුට පමණක් ගැතිකම් කරනු. ඔහු නැමදුමට සුදුස්සාය. ඔහු සියලු දෑ ආරක්ෂා කරන්නාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න