සූරා 6 · ජුස් 7
Al-An'am · 6:95
۞ إِنَّ اللَّهَ فَالِقُ الْحَبِّ وَالنَّوَىٰ ۖ يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَمُخْرِجُ الْمَيِّتِ مِنَ الْحَيِّ ۚ ذَٰلِكُمُ اللَّهُ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ
සැබැවින්ම අල්ලාහ් බීජ හා ඇට පැළෙන්නට සලස්වයි. (එමඟින් පැළෑටි හට ගන්වයි.) තවද ඔහු මළ දැයින් ප්රාණික දෑ පිට කරයි. ප්රාණික දැයින් මළ දෑ පිට කරයි. එයයි අල්ලාහ් ! එසේ නම් නුඹලා වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?
තෆ්සීර්
සැබැවින්ම අල්ලාහ් ඒකීයය. ඔහු බීජ පැළෙන්නට සලස්වා එමගින් පැළෑටි හට ගන්වන්නේය. ඇට පැළෙන්නට සලස්වා ඉඳි, මිදි හා වෙනත් ගස් මෙන් ගස් හට ගන්වන්නේය. මිනිසුන් හා සෙසු සත්වයින් අප්රාණික ධාතුවෙන් මතු කරන්නාක් මෙන් ඔහු අප්රාණික දැයින් ප්රාණික දෑ මතු කරන්නේය. මිනිසාගෙන් ශුක්රාණු මතු කරන්නාක් මෙන් හා කිකිළිගෙන් බිත්තර මතු කරන්නාක් මෙන් ඔහු ප්රාණික දැයින් අප්රාණික දෑ මතු කරන්නේය. මෙසේ සියල්ල සිදු කරනුයේ ඔබ ව මැවූ අල්ලාහ්ය. එසේනම් අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! ඔහුගේ නිර්මාණයෙහි විශ්මය ඔබ දකිමින් සිටිය දී සත්යයෙන් ඔබ වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේද?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න