සූරා 6 · ජුස් 7
Al-An'am · 6:94
وَلَقَدْ جِئْتُمُونَا فُرَادَىٰ كَمَا خَلَقْنَاكُمْ أَوَّلَ مَرَّةٍ وَتَرَكْتُمْ مَا خَوَّلْنَاكُمْ وَرَاءَ ظُهُورِكُمْ ۖ وَمَا نَرَىٰ مَعَكُمْ شُفَعَاءَكُمُ الَّذِينَ زَعَمْتُمْ أَنَّهُمْ فِيكُمْ شُرَكَاءُ ۚ لَقَدْ تَقَطَّعَ بَيْنَكُمْ وَضَلَّ عَنْكُمْ مَا كُنْتُمْ تَزْعُمُونَ
අපි නුඹලාට පිරිනමා තිබූ දෑ නුඹලාගේ පිටු පිටිපසට අත හැර දමා මුල් වරට නුඹලා ව අපි මැව්වාක් මෙන් සැබැවින්ම නුඹලා අප වෙතට (කිසිවක් නොමැති ව) තනි ව පැමිණ ඇත. සැබැවින්ම නුඹලා අතර සිටි (අල්ලාහ්ට) සමානයන් යැයි නුඹලා තරයේ විශ්වාස කළ අය නුඹලා වෙනුවෙන් මැදිහත් වන්නන් ලෙස නුඹලා සමඟ සිටිනු අපි නොදකින්නෙමු. නුඹලා අතර වූ සම්බන්ධතා සැබැවින්ම විසන්ධි විය. නුඹලා තරයේ විශ්වාස කරමින් සිටි දෑ නුඹලා ව මුළා කළේය.
තෆ්සීර්
යළි අවදි කරනු ලබන දිනයේ 'අද දින ඔබ අප වෙත පැමිණ ඇත්තේ තනිවමය. ඔබ සමග ධනය හෝ නායකත්වය හෝ නැත. අපි ඔබ ආරම්භක අවදියේ පාවහන් නොමැතිව, කිසිවක් නොමැති ව නිරුවත් ලෙස මැව්වාක් මෙන් ඔබ දැන් සිටින්නෙහිය. අපි ඔබට ලබා දුන් දෑ මෙලොව ඔබෙන් පසු සිටින්නන්හට ඔබ අතහැර දමා පැමිණ ඇත. සැබැවින්ම ඔවුන් ඔබේ තැරැව්කරුවන් යැයි සිතා සිටි ඔබේ දෙවිවරුන් අද ඔබ සමග නොමැත. එමෙන්ම සැබැවින්ම ඔවුන් නැමදුම් කිරීමට සුදුසුකම් ලත් අල්ලාහ්ගේ හවුල්කරුවන් යැයි ඔබ සිතා සිටි අය ද ඔබ සමග නැත. එය අපි දකින්නෙමු. ඔබ අතර ඇති එම සම්බන්ධකම විසන්ධි වී ඇත. සැබැවින්ම ඔවුන් අල්ලාහ්ගේ හවුල්කරුවන් යැයි ද, ඔවුන් ඔබ වෙනුවෙන් මැදිහත්වනු ඇතැයි ද, ඔබ සිතා සිටි අය ඔබෙන් ඉවතට ගොස් ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න