සූරා 6 · ජුස් 7

Al-An'am · 6:93

وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا أَوْ قَالَ أُوحِيَ إِلَيَّ وَلَمْ يُوحَ إِلَيْهِ شَيْءٌ وَمَنْ قَالَ سَأُنْزِلُ مِثْلَ مَا أَنْزَلَ اللَّهُ ۗ وَلَوْ تَرَىٰ إِذِ الظَّالِمُونَ فِي غَمَرَاتِ الْمَوْتِ وَالْمَلَائِكَةُ بَاسِطُو أَيْدِيهِمْ أَخْرِجُوا أَنْفُسَكُمُ ۖ الْيَوْمَ تُجْزَوْنَ عَذَابَ الْهُونِ بِمَا كُنْتُمْ تَقُولُونَ عَلَى اللَّهِ غَيْرَ الْحَقِّ وَكُنْتُمْ عَنْ آيَاتِهِ تَسْتَكْبِرُونَ

අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නන්ට හෝ තමන් වෙත කිසිවක් දැනුම් දී නොතිබූ තත්ත්වයේ මා වෙත දේව පණිවිඩ දෙනු ලැබීය යැයි පවසන්නන්ට හෝ අල්ලාහ් පහළ කළ දෑ මෙන් මම ද පහළ කරමි යැයි පවසන්නන්ට වඩා අපරාධකරු කවරෙකු ද? එම අපරාධකරුවන් මරණ වේදනා වෙහි සිටිනු නුඹ දකින්නේ නම් මලක්වරු තම අත් විහිදුවා නුඹලාගේ ප්‍රාණ නුඹලාම බැහැර කරනු. අල්ලාහ් කෙරෙහි සත්‍ය නොවන දෑ පවසමින් සිටි හෙයින්ද ඔහුගේ වදන් පිළිබඳ ව අහංකාරකමින් සිටි බැවින් ද අද දින නින්දිත දඬුවම ප්‍රතිවිපාක වශයෙන් දෙනු ලබන්නෙහුය.

තෆ්සීර්

අල්ලාහ් කිසිදු මිනිසෙකුට කිසිවක් පහළ කළේ නැතැ යැයි පවසමින් හෝ සැබැවින්ම අල්ලාහ් ඔහු වෙත දේව පණිවිඩ පහළ කර ඇතැයි යන වග බොරුකොට අල්ලාහ් මත දිවුරමින් ඔහු වෙත කිසිදු දේව පණිවිඩයක් පහළ කර නැත යැයි පවසමින් හෝ අල් කුර්ආනය මෙන් යමක් අල්ලාහ් මතු පහළ කරනු ඇතැයි පවසමින් අල්ලාහ් මත බොරු ගොතන මහා අපරාධකාරයාට වඩා වෙනත් අපරාධකරුවකු නැත. මෙම අපරාධකරුවන්හට අන්තිම මොහොත පැමිණෙන අවස්ථාවේ මලක්වරුන් දඬුවම් කිරීමට හා පහර දෙන්නට තම දෑත් ඔවුන් වෙත දිගුකරමින්, ඔවුන් නින්දාවට පත් කරමින්, “ඔබේ ප්රාණය ඔබම එළියට බැහැර කරනු. එවිට අපි එය ග්රහණය කරන්නෙමු.” යැයි පවසති. නබිත්වය, දේව පණිවිඩය හා අල්ලාහ් පහළ කළ දෑට සමාන දෙයක් පහළ කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් ඔබ වාද කොට බොරු පවසමින් සිටි හේතුවෙන්ද, එමෙන්ම ඔහුගේ වදන් විශ්වාස කිරීමට උඩඟු වූ හේතුවෙන්ද එදින ඔබට නින්දා අපහාස ගෙන දෙන දඬුවමක් ප්රතිවිපාක වශයෙන් දෙනු ලබන්නෙහුය. එය ඔබ දකින විට එය භයානක දසුනක් ලෙස දකිනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න