සූරා 6 · ජුස් 7
Al-An'am · 6:96
فَالِقُ الْإِصْبَاحِ وَجَعَلَ اللَّيْلَ سَكَنًا وَالشَّمْسَ وَالْقَمَرَ حُسْبَانًا ۚ ذَٰلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ
අලුයම් කාලය උදා කරවන්නා ය. තවද රාත්රිය සැනසුම ලබන්නක් ලෙස ද හිරු හා සඳු කාල ගණනයක් ලෙස ඇති කළේය. මෙය සර්ව බලධාරී සර්වඥයාණන්ගේ සැලැස්ම වේ.
තෆ්සීර්
රාත්රී අන්ධකාරයෙන් උදෑසන ආලෝකය උදා කරන්නේ අල්ලාහ්ය. කාර්යක්ෂම ලෙස ජීවනෝපාය සෙවීමෙන් ජනයා විවේක ලබනු පිණිස රාත්රිය විවේක කාලයක් බවට පත් කළේ ද ඔහුය. නියමිත ගණනයකට අනුව හිරු හා සඳු එකිනෙක ලුහු බැඳ ගමන් කිරීමට සැලස්සුවේද ඔහුය. මෙසේ මෙනෙහි කරන ලද ඒවා ක්රියාත්මක කිරීමට ආරම්භ වූයේ අල්ලාහ්ගේ සැලසුම අනුවය. ඔහු අබිබවා යන්නට කිසිවකු නැත. ඔහුගේ මැවීම් හා ඒවාට සුදුසු කුමක්දැයි ඔහු මැනවින් දන්නාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න