සූරා 6 · ජුස් 7
Al-An'am · 6:84
وَوَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ ۚ كُلًّا هَدَيْنَا ۚ وَنُوحًا هَدَيْنَا مِنْ قَبْلُ ۖ وَمِنْ ذُرِّيَّتِهِ دَاوُودَ وَسُلَيْمَانَ وَأَيُّوبَ وَيُوسُفَ وَمُوسَىٰ وَهَارُونَ ۚ وَكَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ
තවද අපි ඔහුට ඉස්හාක් හා යඃකූබ් පිරිනැමුවෙමු. ඔවුන් සෑම කෙනෙකුටම අපි මඟ පෙන්වූ යෙමු. තවද අපි මීට පෙර නූහ්ට ද ඔහුගේ පරපුරෙන් වූ දාවූද්, සුලයිමාන්, අය්යූබ්, යූසුෆ්, මූසා හා හාරූන්ට ද මඟ පෙන්වූයෙමු. තවද අප දැහැමියන්ට ප්රතිඵල පිරිනමනුයේ මෙලෙසය.
තෆ්සීර්
තවද අපි ඔහුට ඔහුගේ පුත් ඉස්හාක් හා ඔහුගේ මුනුපුරු යඃකූබ් පිරිනැමුවෙමු. ඔවුන් දෙදෙනාගෙන් සෑම කෙනෙකුටම ඍජු මාර්ගය වෙත ආශිර්වාද කළෙමු. ඔවුනට පෙර අපි නූහ්ට ආශිර්වාද කළෙමු. එමෙන්ම ඔහුගේ පරපුරින් පැවත එන දාවූද් ඔහුගේ පුත් සුලෙයිමාන් අය්යූබ් යූසුෆ් මූසා හා ඔහුගේ සහෝදර හාරූන් යන සෑම කෙනෙකුටම සත්ය මාර්ගය වෙත ආශිර්වාද කළෙමු. නබිවරුන් යහපත් ලෙස කටයුතු කළ බැවින් ඔවුනට අපි ප්රතිඵල පිරිනැමුවාක් මෙන් නබිවරුන් නොවන සෙසු දැහැමියන්හටත් ඔවුන්ගේ යහපත් කටයුතු සඳහා අපි ප්රතිඵල පිරිනමමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න