සූරා 6 · ජුස් 7

Al-An'am · 6:83

وَتِلْكَ حُجَّتُنَا آتَيْنَاهَا إِبْرَاهِيمَ عَلَىٰ قَوْمِهِ ۚ نَرْفَعُ دَرَجَاتٍ مَنْ نَشَاءُ ۗ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٌ

අපගේ සාධකය මෙයයි. තම ජනයාට එරෙහි ව ඉබ්‍රාහීම්ට අපි මෙය පිරිනැමුවෙමු. අප අභිමත කරන අයට තරාතිරම් උසස් කරන්නෙමු. සැබැවින්ම නුඹගේ පරමාධිපති සියුම් ඥානය ඇත්තාය. සර්වඥය.

තෆ්සීර්

ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා තම සමූහයාගේ තර්කය අබිබවා ගිය සාක්ෂිය, එනම් (අභයදායීත්වයට වඩාත් සුදුසු වනුයේ...) යන ප්රකාශය අපගේ සාධකයකි. ඔහු ඔහුගේ සමූහයා සමග වාද කිරීමට අපි එය ඔහුට ආශිර්වාද කළෙමු. එය ඔහුට පිරිනැමුවෙමු. අපගේ ගැත්තන් අතුරින් අපි අභිමත කරන්නන් මෙලොව හා මතුලොවෙහි තරාතිරම් වලින් උසස් කරන්නෙමු. අහෝ දූතය! සැබැවින්ම ඔබේ පරමාධිපතියාණන් ඔහුගේ මැවීම්හි හා සැලසුම් කිරීම් හි මහා ප්රඥාවන්තය. ඔහු තම ගැත්තන් පිළිබඳ සර්ව ඥානීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න