සූරා 6 · ජුස් 7

Al-An'am · 6:70

وَذَرِ الَّذِينَ اتَّخَذُوا دِينَهُمْ لَعِبًا وَلَهْوًا وَغَرَّتْهُمُ الْحَيَاةُ الدُّنْيَا ۚ وَذَكِّرْ بِهِ أَنْ تُبْسَلَ نَفْسٌ بِمَا كَسَبَتْ لَيْسَ لَهَا مِنْ دُونِ اللَّهِ وَلِيٌّ وَلَا شَفِيعٌ وَإِنْ تَعْدِلْ كُلَّ عَدْلٍ لَا يُؤْخَذْ مِنْهَا ۗ أُولَٰئِكَ الَّذِينَ أُبْسِلُوا بِمَا كَسَبُوا ۖ لَهُمْ شَرَابٌ مِنْ حَمِيمٍ وَعَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْفُرُونَ

තම දහම සෙල්ලමට හා විහිළුවට ගත් අය නුඹ අතහැර දමනු. මෙලොව ජීවිතය ඔවුන් රවටා ඇත. යම් ආත්මයක් තමන් ඉපැයූ දෑ හේතුවෙන් (අල්ලාහ්ගේ දඬුවමට) නොපැටලෙනු වස් මෙමගින් නුඹ උපදෙස් දෙනු. අල්ලාහ්ගෙන් තොර ව කිසිදු භාරකරුවකු හෝ කිසිදු මැදිහත්කරුවකු හෝ එයට නොමැත. සියලු වන්දි වලට නුඹ වන්දි ගෙව්වද එය පිළි ගනු නොලැබේ. (හේතුව) තමන් ඉපැයූ දෑ හේතුවෙන් (දඬුවමට) පැටලුණු අය ඔවුහුය. ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි බැවින් වේදනීය දඬුවමද නටන උණු පානයද ඇත.

තෆ්සීර්

අහෝ දූතය! තම දහම විහිළුවට හා සෙල්ලමට ගනිමින්, එයට අපහාස කරමින් හා එය නින්දාවට පත් කරමින් කටයුතු කරන දේවත්වය ආදේශ කරන්නන් නුඹ අත්හැර දමනු. මෙලොව ජීවිතයේ ඇති පහත් වින්දනයන් හේතුවෙන් එය ඔවුන් රවටා දමා ඇත. අහෝ නබිවරය! තමන් උපයා ගත් පාපය හේතුවෙන් තම ආත්මය විනාශය වෙත යටත් නොවනු පිණිස ජනයා වෙත කුර්ආනය තුළින් උපදෙස් දෙනු. එයට අල්ලාහ් හැර උදව් පතන වෙනත් භාරකරුවකු නැත. එයට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ දඬුවමින් වැළකෙන්නට කිසිදු මාධ්යයක් නැත. අල්ලාහ්ගේ දඬුවමෙන් මිදීමට එය කවර වන්දියක් ලබා දුන්න ද එය පිළිගනු නොලබනු ඇත. ඔවුන් සිදුකරමින් සිටි පාපකම් හේතුවෙන් ඔවුන්ගේ ජීවිතය විනාශය වෙත භාරදුන් අය වනාහි, ඔවුන් ප්රතික්ෂේප කළ හේතුවෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ උපරිම උණුසුමෙන් යුත් පානයත් වේදනීය දඬුවමත් ඔවුනට හිමි වනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න