සූරා 6 · ජුස් 7

Al-An'am · 6:69

وَمَا عَلَى الَّذِينَ يَتَّقُونَ مِنْ حِسَابِهِمْ مِنْ شَيْءٍ وَلَٰكِنْ ذِكْرَىٰ لَعَلَّهُمْ يَتَّقُونَ

ඔවුන් පිළිබඳ විනිශ්චය කිරීමේදී බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන්හට කිසිදු කොටසක් නොමැත. නමුත් ඔවුන් බිය හැඟීමෙන් යුතු ව කටයුතු කළ හැකි වනු පිණිස (ඔවුනට) මෙනෙහි කළ යුතු ව ඇත.

තෆ්සීර්

අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින්, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින්, ඔහුට භක්තිමත් ව කටයුතු කළවුන් මත, මේ අපරාධකරුවන් පිළිබඳ කිසිදු විනිශ්චයක් පැවරෙන්නේ නැත. ඔවුන් මත පැවරෙන්නේ ඔවුන් සිදුකරමින් සිටින පිළිකුල් සහගත දැයින් ඔවුන් වැළැක්වීමයි. එය ඔවුන් අල්ලාහ්ට භක්තිමත් ව කටයුතු කර ඔහුගේ නියෝග පිළිපැද ඔහු වැළැක් වූ දෙයින් වැළකී සිටීමට ඔවුනට හැකි වනු පිණිසය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න