සූරා 6 · ජුස් 7
Al-An'am · 6:68
وَإِذَا رَأَيْتَ الَّذِينَ يَخُوضُونَ فِي آيَاتِنَا فَأَعْرِضْ عَنْهُمْ حَتَّىٰ يَخُوضُوا فِي حَدِيثٍ غَيْرِهِ ۚ وَإِمَّا يُنْسِيَنَّكَ الشَّيْطَانُ فَلَا تَقْعُدْ بَعْدَ الذِّكْرَىٰ مَعَ الْقَوْمِ الظَّالِمِينَ
අපගේ වදන්හි (වාද විවාද වල) නිරත ව සිටින්නන් නුඹ දුටු විට ඒ හැර වෙනත් කතාවක ඔවුහු නිරත වන තෙක් ඔවුන්ගෙන් ඉවත් ව සිටිනු. නුඹට අමතක කරනුයේ ෂෙයිතාන්ය. එබැවින් මෙනෙහි වූවායින් පසු අපරාධකාර පිරිස සමඟ නුඹ වාඩි නොවනු.
තෆ්සීර්
අහෝ දූතය! දෙවියන්ට ආදේශ තබන්නන් අපගේ වදන් විහිළුවට හා හෑල්ලුවට ගනිමින් කතා කරනු ඔබ දුටුවෙහි නම් ඔවුන් එසේ අපගේ වදන් විහිළුවට හා හෑල්ලුවට නොගෙන වෙනත් කතාවකට ඔවුන් ප්රවේශ වන තෙක් ඔබ ඔවුන්ගෙන් ඉවත් ව සිටිනු. ෂෙයිතාන් ඔබට එය අමතක කරවා ඔවුන් සමග ඔබ වාඩි වී පසු ව ඒ ගැන ඔබට මතක් වූ විට ඔවුන්ගේ සභා ගර්භයෙන් ඉවත් ව යනු. සීමාව ඉක්මවා ගිය ඔවුන් සමග ඔබ වාඩි නොවනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න