සූරා 6 · ජුස් 7
Al-An'am · 6:71
قُلْ أَنَدْعُو مِنْ دُونِ اللَّهِ مَا لَا يَنْفَعُنَا وَلَا يَضُرُّنَا وَنُرَدُّ عَلَىٰ أَعْقَابِنَا بَعْدَ إِذْ هَدَانَا اللَّهُ كَالَّذِي اسْتَهْوَتْهُ الشَّيَاطِينُ فِي الْأَرْضِ حَيْرَانَ لَهُ أَصْحَابٌ يَدْعُونَهُ إِلَى الْهُدَى ائْتِنَا ۗ قُلْ إِنَّ هُدَى اللَّهِ هُوَ الْهُدَىٰ ۖ وَأُمِرْنَا لِنُسْلِمَ لِرَبِّ الْعَالَمِينَ
අල්ලාහ් හැර අපට ප්රයෝජනයක් කළ නොහැකි තවද අපට හිංසාවක් කළ නොහැකි දෑ අප අයදින්නෙමු ද? අල්ලාහ් අපට මඟ පෙන්වූ පසු ව අපි අපගේ විලුඹු මත නැවත හැරී යන්නෙමු ද? (එසේ නම්) කෙනෙකුට මිතුරන් ව සිට අප වෙතට පැමිණෙන්නැයි ඔවුහු යහමඟ වෙතට ඔහු ව ඇරයුම් කරමින් සිටිය දී ෂෙයිතානුන් ඔහු ව මහපොළොවේ ඔබමොබ සැරිසරන්නන් මෙන් නොමඟ හැරියේ නම් එවැනි අයකු මෙන් වනු ඇත. යැයි (නබිවරය !) නුඹ පවසනු. සැබැවින්ම අල්ලාහ්ගේ යහමඟ වන එයමය නියම යහමඟ වනුයේ. තවද ලෝකයන්හි පරමාධිපතිට අප අවනත වනු පිණිස අණ කරනු ලැබුවෙමු යැයි (නබිවරය!) නුඹ පවසනු.
තෆ්සීර්
අහෝ දූතය! මෙම දේවත්වය ආදේශ කරන්නන්හට නුඹ පවසනු. අල්ලාහ් හැර අපහට කිසිදු ප්රයෝජනයක් කළ නොහැකි මෙන්ම අපහට කිසිදු හානියක් කළ නොහැකි පිළිම වලට අපි නැමදිය යුතු වන්නෙම් ද? අප වෙත දේව විශ්වාසය ආශිර්වාද කිරීමෙන් පසු එයින් අපි හැරිය යුතු වන්නෙම් ද? එවිට ෂෙයිතානුන් නොමග යවා, යහමග ලබන්නට නොහැකිව සැකයෙහි අතහැර දැමූ අය මෙන් අපි පත්වන්නෙමු. ඔහුට ඍජු මාර්ගය පෙන්වා සත්ය වෙත ඇරයුම් කරන සගයෝ වූහ. ඔවුන් කවර දෙයක් වෙත ඔහුට ඇරයුම් කරන්නේද එයට ඔහු පිළිතුරු දීමෙන් වැළකී සිටියේය. අහෝ දූතය! ඔබ ඔවුනට මෙසේ පවසනු. සැබැවින්ම අල්ලාහ්ගේ මග පෙන්වීම එයයි සැබෑ මග පෙන්වීම වනුයේ. අල්ලාහ් ඔහුගේ ඒකීයත්වය තදින් ග්රහණය කොට ඔහුට පමණක් නැමද ඔහුට අවනත වීමට ඔහු අපට නියෝග කළේය. ඔහු ලෝවැසියන්ගේ පරමාධිපතිය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න