සූරා 6 · ජුස් 7
Al-An'am · 6:62
ثُمَّ رُدُّوا إِلَى اللَّهِ مَوْلَاهُمُ الْحَقِّ ۚ أَلَا لَهُ الْحُكْمُ وَهُوَ أَسْرَعُ الْحَاسِبِينَ
පසු ව ඔවුන්ගේ සැබෑ භාරකරු වන අල්ලාහ් වෙතට නැවත යොමු කරනු ලබති. තීන්දුව ඔහු සතු යැයි දැන ගනු. තවද ඔහු විනිශ්චය කරන්නන්ගෙන් ඉතා වේගවත්ය.
තෆ්සීර්
පසු ව අත්පත් කර ගනු ලැබූ ඔවුන්ගේ සියලු ආත්මාවන් ඔවුන්ගේ සැබෑ අයිතිකරු අල්ලාහ් වෙත පෙරළා එවනු ලැබේ. එය ඔහු ඔවුන්ගේ ක්රියාවන්ට ප්රතිඵල පිරිනැමීම පිණිසය. ඔවුන් අතර යුක්තිය, නීතිය හා විවෘත තීන්දු ලබා දීමේ අයිතිය ඔහු සතුය. ඔබේ ක්රියාවන් ඉතා ශීඝ්රයෙන් ගණන් බලා විනිශ්චය කරන්නා ඔහුය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න