සූරා 6 · ජුස් 7
Al-An'am · 6:63
قُلْ مَنْ يُنَجِّيكُمْ مِنْ ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ تَدْعُونَهُ تَضَرُّعًا وَخُفْيَةً لَئِنْ أَنْجَانَا مِنْ هَٰذِهِ لَنَكُونَنَّ مِنَ الشَّاكِرِينَ
ගොඩබිමේ හා මුහුදේ අන්ධකාර යන්ගෙන් (එහි නුඹලා යම් ආපදාවකට හසු වී) නුඹලා බැගෑපත් ව හා රහසිගත ව ඔහු අප ව මෙයින් මුදවා ගත්තේ නම් අපි කෘතවේදීන් අතුරින් වන්නෙමු යැයි පවසා ඔහුගෙන් නුඹලා අයැද සිටින විට නුඹලා ව මුදවා ගනුයේ කවුරුන්දැ යි (නබිවරය !) පවසනු.
තෆ්සීර්
අහෝ! දූතය, මහ මුහුදේ හා ගොඩබිමෙහි අන්ධකාරයෙහි පැවතින ව්යසනයන් ගෙන් ඔබ ව ආරක්ෂා කොට සාමකාමී තත්ත්වයට පත් කරනුයේ කවුදැයි දෙවියන්හට ආදේශ තබන මොවුන්ගෙන් විමසනු. “මෙම ව්යසනයෙන් අපගේ පරමාධිපති අප මුදා ගන්නේ නම් ඔහු හැර වෙනත් කිසිවකු නැමදුමට නොගෙන ඔහු අප මත කළ ආශිර්වාදය සඳහා කෘතඥතාව පුද කරන්නන් අතුරින් වන්නේමු” යැයි රහසිගත ව හා එළිමහනේ ඉතා තැන්පත් ව, යටහත් පහත් ව ඔබ ඔහු පමණක් ඇරයුම් කරනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න