සූරා 6 · ජුස් 7

Al-An'am · 6:61

وَهُوَ الْقَاهِرُ فَوْقَ عِبَادِهِ ۖ وَيُرْسِلُ عَلَيْكُمْ حَفَظَةً حَتَّىٰ إِذَا جَاءَ أَحَدَكُمُ الْمَوْتُ تَوَفَّتْهُ رُسُلُنَا وَهُمْ لَا يُفَرِّطُونَ

තවද තම ගැත්තන්ට ඉහළින් සිට පාලනය කරන්නා ඔහුය. තවද ඔහු නුඹලා වෙත ආරක්ෂ කයින් (මලක්වරුන්) එවයි. අවසානයේ නුඹලාගෙන් කිසිවකු වෙත මරණය පැමිණි විට අපගේ දූතවරුන් ඔහු ව අත්පත් කර ගනිති. තවද ඔවුහු (තම වගකීම්) පැහැර නොහරිති.

තෆ්සීර්

තම ගැත්තන් අබිබවා යන්නා අල්ලාහ්ය. (ඔවුන්ගේ ක්රියා නිසා) ඔවුන් පහත් කරනුයේද ඔහුය. සියලු ආකාරයන්ගෙන් ඔහු ඔවුනට ඉහළින් සිටියි. සියලු දෑ ඔහුට යටත්ය. ඔහුගේ ගැත්තන්ට ඉහළින් ඔහුගේ කීර්තියට ගැළපෙන පරිදි ඔහු ඉහළින් සිටියි. අහෝ! ජනයිනි, ප්රාණය අත්පත් කර ගන්නා මලකුල් මව්ත් හා ඔහුගේ උදව්කරුවන් ඔබගේ ජීවිත ඩැහැ ගන්නා තෙක් ඔබ කරන ක්රියාවන් සටහන් කරන ගෞරවනීය මලක්වරුන් ඔබ වෙත ඔහු එවනු ඇත. ඔවුනට කවර කරුණක් අණ කරනු ලබන්නේද එහි ඔවුන් කිසිදු අඩුවක් නොකරනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න