සූරා 6 · ජුස් 7
Al-An'am · 6:60
وَهُوَ الَّذِي يَتَوَفَّاكُمْ بِاللَّيْلِ وَيَعْلَمُ مَا جَرَحْتُمْ بِالنَّهَارِ ثُمَّ يَبْعَثُكُمْ فِيهِ لِيُقْضَىٰ أَجَلٌ مُسَمًّى ۖ ثُمَّ إِلَيْهِ مَرْجِعُكُمْ ثُمَّ يُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ
තවද රාත්රියෙහි නුඹලා(ගේ ප්රාණය) අත්පත් කර ගන්නේ ඔහුය. තවද දහවලෙහි නුඹලා ඉපැයූ දෑ ද ඔහු දනී. පසු ව නියමිත කාලය තීන්දු කරනු ලබනු පිණිස ඔහු එහි නුඹලා ව අවදි කරවයි. පසු ව නුඹලාගේ නැවත යොමු වීමේ ස්ථානය ඔහු සතු ව ඇත. පසු ව නුඹලා කරමින් සිටි දෑ පිළිබඳ ව ඔහු නුඹලාට දන්වයි.
තෆ්සීර්
නින්දේදී ඔබේ ප්රාණය නියමිත වේලාවක් ග්රහණය කොට තබා ගන්නේ අල්ලාහ්ය. ඔබ අවදිව සිටින අවස්ථාවේ දහවල් කාලයේ ඔබ කුමන දෙයක් උපයන්නේ දැයි මැනවින් දන්නේ ඔහුය. පසු ව නින්දේදී ඔබේ ප්රාණය අත්පත් කර ගත් පසු ව ඔබේ රාජකාරීන් සිදු කරනු පිණිස යළි ඔහු ඔබ ව අවදි කරවයි. මෙසේ අල්ලාහ් අබියස නියම කරන ලද ඔබේ ජීවිත කාලය අවසන් වන තෙක්ම සිදුවන අතර අවසානයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින යළි අවදි කරවා ඔබ ව යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය. පසු ව මෙලොව ජීවිතයේ ඔබ සිදුකරමින් සිටි දෑ පිළිබඳ ඔහු ඔබට දැනුම් දෙනු ඇත. ඒ සඳහා ඔහු ඔබට ප්රතිඵල පිරිනමනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න