සූරා 6 · ජුස් 7
Al-An'am · 6:59
۞ وَعِنْدَهُ مَفَاتِحُ الْغَيْبِ لَا يَعْلَمُهَا إِلَّا هُوَ ۚ وَيَعْلَمُ مَا فِي الْبَرِّ وَالْبَحْرِ ۚ وَمَا تَسْقُطُ مِنْ وَرَقَةٍ إِلَّا يَعْلَمُهَا وَلَا حَبَّةٍ فِي ظُلُمَاتِ الْأَرْضِ وَلَا رَطْبٍ وَلَا يَابِسٍ إِلَّا فِي كِتَابٍ مُبِينٍ
ගුප්ත දෑ හි යතුරු ඔහු සතු ව ඇත. ඔහු හැර වෙනත් කිසිවකු ඒවා නොදනී. තවද ගොඩබිම හා මුහුදේ ඇති දෑ ඔහු දනී. ශාකයක කොළයක් පවා ඔහුගේ දැනුමෙන් තොරව නොවැටෙයි. තවද මහපොළොව අන්ධකාරය තුළ ඇති බීජය තෙතමනය හෝ වියළිභාවය පැහැදිලි පුස්තකයේ සඳහන් ව මිස නැත.
තෆ්සීර්
ගුප්ත දෑ හි භාණ්ඩාගාරය ඇත්තේ අල්ලාහ් අබියසය. ඒ ගැන වෙනත් කිසිවකු නොදනී. මහපොළොවේ ඇති සතුන්, ගහකොළ හා භෞතික වස්තූන් යන සියලු මැවීම් ගැන ඔහු දනී. එමෙන්ම සාගරයේ ඇති සතුන්, පැළෑටී හා භෞතික සම්පත් පිළිබඳවත් ඔහු දනී. ගහකින් වැටෙන කොළයක් කවර ස්ථානයක වැටෙන්නේ දැයි යන වගත් ඔහු මැනවින් දනී. මහපොළොව තුළ සැඟ වී ඇති ධාන්ය බීජයක් හෝ තෙත සහිත හෝ වියළි ධාන්ය බීජයක් හෝ වේවා එය පැහැදිලි පුස්තකයේ සඳහන් ව මිස නැත. එය ලව්හුල් මහ්ෆූල් නම් ආරක්ෂිත ඵලකයයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න