සූරා 6 · ජුස් 7
Al-An'am · 6:51
وَأَنْذِرْ بِهِ الَّذِينَ يَخَافُونَ أَنْ يُحْشَرُوا إِلَىٰ رَبِّهِمْ ۙ لَيْسَ لَهُمْ مِنْ دُونِهِ وَلِيٌّ وَلَا شَفِيعٌ لَعَلَّهُمْ يَتَّقُونَ
තවද තම පරමාධිපති වෙත එක් රැස් කරනු ලැබීම ගැන බියවන්නන් හට මෙමගින් නුඹ අවවාද කරනු. ඔවුන් බිය හැඟීමෙන් යුක්ත විය හැකි වනු පිණිසය. ඔහු හැර ඔවුනට භාරකරුවකු හෝ මැදිහත්වන්නෙකු හෝ නොමැත.
තෆ්සීර්
අහෝ! දූතය, අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට භක්තිමත්ව කටයුකු කළ හැකි වනු පිණිස මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම පරමාධිපති වෙත රැස් කරනු ලැබ එවිට අල්ලාහ් හැර ඔවුනට සෙත සලසන්නට කිසිදු භාරකරුවකු නොමැති බවටත් ඔවුන්ගෙන් හානිය නිවාරණය කරන මැදිහත්කරුවකු නොමැති බවටත් බියවන්නන්හට මෙම කුර්ආනය මගින් අවවාද කරනු. එවිට ඔවුහු මෙම කුර්ආනය මගින් ප්රයෝජනය ලබනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න