සූරා 6 · ජුස් 7

Al-An'am · 6:50

قُلْ لَا أَقُولُ لَكُمْ عِنْدِي خَزَائِنُ اللَّهِ وَلَا أَعْلَمُ الْغَيْبَ وَلَا أَقُولُ لَكُمْ إِنِّي مَلَكٌ ۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰ إِلَيَّ ۚ قُلْ هَلْ يَسْتَوِي الْأَعْمَىٰ وَالْبَصِيرُ ۚ أَفَلَا تَتَفَكَّرُونَ

අල්ලාහ්ගේ සම්පත් මා වෙත තිබෙන බව මම නුඹලාට නොපවසමි. තවද මම ගුප්ත දෑ නොදනිමි. මම මලාඉකාවරයකු ද නොවෙමි, මා වෙත හෙළිදරව් කරනු ලබන දෑ හැර වෙනත් කිසිවක් මම පිළි නොපදිමි යැයි මම නුඹලාට නොපවසමි යැයි (නබිවරය ඔවුනට) නුඹ පවසනු. අන්ධයා හා බැල්මැත්තා එක සමාන වන්නේ ද? එබැවින් නුඹලා වටහා නොගන්නෙහු දැ?යි ද නුඹ පවසනු.

තෆ්සීර්

අහෝ දූතය! දෙවියන් ප්රතික්ෂේප කරන මොවුනට පවසනු. “සැබැවින්ම මා අබියස අල්ලාහ්ගේ පෝෂණ සම්පත් තිබී ඒවා මා කැමති අයට බෙදා දෙමි යැයි මම ඔබට නොපවසමි. එමෙන්ම අල්ලාහ් මා වෙත පෙන්වා දුන් දේව පණිවිඩ මිස වෙනත් ගුප්ත දෑ මා දනිමි යැයි ද මම ඔබට නොපවසමි. එමෙන්ම සැබැවින්ම මම මලක්වරුන් අතුරින් මලක්වරයකු යැයිද මම ඔබට නොපවසමි. මම අල්ලාහ්ගෙන් වූ දූතයකු පමණි. මා වෙත එවන ලද පණිවිඩ මිස වෙනත් කිසිවක් අනුගමනය නොකරමි. මට අදාළ නොවන දෑ ගැන මම වාද නොකරමි. අහෝ! දූතය, තවදුරටත් ඔවුනට ඔබ මෙසේ පවසනු. සත්යය නොදැක අන්ධ වූ දේව ප්රතික්ෂේපකයා හා සත්යය බලා එය විශ්වාස කළ දේව විශ්වාසියා යන දෙදෙනා එක සමාන වේද? මෙම වදන් ඔබ ව හරවන්නේ කොතැනකට දැයි ඔබ බුද්ධිමත් ව සිතා බැලිය යුතු නොවේද?”

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න