සූරා 6 · ජුස් 7

Al-An'am · 6:52

وَلَا تَطْرُدِ الَّذِينَ يَدْعُونَ رَبَّهُمْ بِالْغَدَاةِ وَالْعَشِيِّ يُرِيدُونَ وَجْهَهُ ۖ مَا عَلَيْكَ مِنْ حِسَابِهِمْ مِنْ شَيْءٍ وَمَا مِنْ حِسَابِكَ عَلَيْهِمْ مِنْ شَيْءٍ فَتَطْرُدَهُمْ فَتَكُونَ مِنَ الظَّالِمِينَ

උදේ සවස තම පරමාධිපතිට ඔහුගේ තෘප්තිය අපේක්ෂාවෙන් ඇරයුම් කරන්නන් ව නුඹ පලවා නොහරිනු. ඔවුන්ගේ විනිශ්ච යෙන් කිසිවක් නුඹ වෙත නොපැවරෙනු ඇත. එමෙන්ම නුඹගේ විනිශ්චයෙන් කිසිවක් ඔවුන් වෙත ද නොපැවරෙනු ඇත. එබැවින් නුඹ ඔවුන් ව පලවා හරින්නේ නම් එවිට නුඹ අපරාධකරුවන් අතුරින් වන්නෙහිය.

තෆ්සීර්

දහවල ආරම්භයේ ද එහි අවසානයේ ද අල්ලාහ්ට අවංක ව නැමදුම් කරන දිළිඳු මුස්ලිම්වරුන් ඔබේ සභාවෙන් දුරස් නොකරන්න. දෙවියන්ට ආදේශ තබන්නන්ගේ ප්රධානීන් වෙත නැඹුරු වීම සඳහා ඔබ ඔවුන් දුරස් නොකරන්න. මෙම දිළිඳු අය පිළිබඳ කිසිදු විනිශ්චයක් ඔබ මත පැවරෙන්නේ නැත. ඔවුන්ගේ විනිශ්චය ඔවුන්ගේ පරමාධිපති අබියසය. ඔබ ගැන කිසිදු විනිශ්චයක් ඔවුන් මත පැවරෙන්නේද නැත. සැබැවින්ම ඔවුන් ව ඔබේ සභා ගර්භයෙන් ඔබ දුරස් කරන්නෙහි නම් ඔබ අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා ගිය අය අතරට පත් වන්නෙහිය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න