සූරා 6 · ජුස් 7

Al-An'am · 6:39

وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا صُمٌّ وَبُكْمٌ فِي الظُّلُمَاتِ ۗ مَنْ يَشَإِ اللَّهُ يُضْلِلْهُ وَمَنْ يَشَأْ يَجْعَلْهُ عَلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ

අපගේ වදන් බොරු කළවුන් අන්ධකාරයන්හි බිහිරන් හා ගොළුවන් වෙති. අල්ලාහ් අභිමත කරන අය නොමඟ යන්නට ඉඩ හරියි. ඔහු අභිමත කරන අය ඍජු මාර්ගය මත තබයි.

තෆ්සීර්

තමන්ට නොඇසුණු බිහිරෙකු මෙන් හා කතා නොකරන ගොළුවෙකු මෙන් අපගේ වදන් බොරු කළවුන් වනාහි ඔවුන් ඒ සමගම නොදැකිය හැකි අන්ධකාරයන්හි සිටිති. මෙවන් තත්ත්වයක සිටින්නා යහමග ලබනුයේ කෙසේද? අල්ලාහ් කවරෙකු ජනයා අතුරින් නොමග හරින්නට සිතන්නේද ඔහු ඔහු ව නොමග යන්නට ඉඩ හරිනු ඇත. කවරෙකුට ඔහු මග පෙන්වන්නට අභිමත කරන්නේද කිසිදු අඩුවකින් තොරව ඍජු මාර්ගයේ ගමන් කරන්නට ඔහු ඉඩ සලසා යහමග යොමු කරනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න