සූරා 6 · ජුස් 7
Al-An'am · 6:38
وَمَا مِنْ دَابَّةٍ فِي الْأَرْضِ وَلَا طَائِرٍ يَطِيرُ بِجَنَاحَيْهِ إِلَّا أُمَمٌ أَمْثَالُكُمْ ۚ مَا فَرَّطْنَا فِي الْكِتَابِ مِنْ شَيْءٍ ۚ ثُمَّ إِلَىٰ رَبِّهِمْ يُحْشَرُونَ
ගොඩබිම සතෙකු හෝ වේවා තම තටු දෙක සලමින් පියාසර කරන පක්ෂියකු හෝ වේවා (උන් ද) නුඹලා මෙන් වූ සමූහයක් මිස නැත. පුස්තකයේ අපි කිසිවක් අත් නොහැරියෙමු. පසුව ඔවුන්ගේ පරමාධිපති වෙතට එක් රැස් කරනු ලබති.
තෆ්සීර්
අහෝ! ආදම්ගේ පුතණුවනි, මහපොළොව මත සැරසරන සතුන් හෝ වේවා අහස්හි පියාසර කරන පක්ෂීන් හෝ වේවා ඔවුන්ද මැවීමෙහි හා ආහාර පහසුකම් සැපයීමේ ඔබ මෙන් වූ වර්ගයකි. ලව්හුල් මහ්ෆූල් නම් ආරක්ෂිත ඵලකයෙහි සියල්ල සටහන් කර මිස අප කිසිවක් අතහැර දැමුවේ නැත. සියලු දෑ හි දැනුම අල්ලාහ් අබියස ඇත්තේය. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තීන්දු දෙනු පිණිස ඔවුන් එක්රැස් කරනු ලබනුයේ ඔවුන්ගේ පරමාධිපති වෙත පමණය. සෑම කෙනෙකුටම ඒ ඒ අයට සරිලන ප්රතිඵල ඔහු පිරිනමනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න