සූරා 6 · ජුස් 7

Al-An'am · 6:37

وَقَالُوا لَوْلَا نُزِّلَ عَلَيْهِ آيَةٌ مِنْ رَبِّهِ ۚ قُلْ إِنَّ اللَّهَ قَادِرٌ عَلَىٰ أَنْ يُنَزِّلَ آيَةً وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

තවද (අප කැමති පරිදි) ඔහුගේ පරමාධිපතිගෙන් ඔහු වෙත සාධකයක් පහළ කරනු ලැබිය යුතු නොවේ දැ යි විමසති. (නබිවරය !) සැබැවින්ම අල්ලාහ් එසේ සාධකයක් පහළ කිරීමට ශක්තිවන්තය. නමුත් ඔවුන් ගෙන් බොහෝ දෙනා (ඒ බව) නොදනිති.

තෆ්සීර්

දෙවියන්ට ආදේශ තබන්නෝ විශ්වාස කිරීමට අදිමදි කරමින් හා මුරණ්ඩුකමින් මුහම්මද් ගෙන ආ දෑ හි සත්යතාව තහවුරු කරන්නට ඔහුගේ පරමාධිපතිගෙන් සුපිරි සාධකයක් ඔහු මත පහළ කරනු ලැබිය යුතු නොවේදැයි විමසති. අහෝ! දූතය, ඔවුන් සිතන පරිදි සාධකයක් පහළ කිරීමට සැබැවින්ම අල්ලාහ්ට හැකියාව ඇත. නමුත් සාධකයක් පහළ කරන මෙන් ඉල්ලා සිටින මෙම දේව ආදේශකයින් බොහෝ දෙනා සැබැවින්ම සාධක පහළ වීම අල්ලාහ්ගේ ප්රඥාවට අනුකූල වූවක් බව නොදනිති. එය ඔවුන් පතන දෑට අනුකූල වන දෙයක් නොවේ. එසේ ඔහු එය පහළ කොට පසු ව එය ඔවුන් විසින් විශ්වාස නොකළේ නම් ඔවුන් ව ඔහු විනාශ කර දමනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න