සූරා 6 · ජුස් 7
Al-An'am · 6:36
۞ إِنَّمَا يَسْتَجِيبُ الَّذِينَ يَسْمَعُونَ ۘ وَالْمَوْتَىٰ يَبْعَثُهُمُ اللَّهُ ثُمَّ إِلَيْهِ يُرْجَعُونَ
(ඔබගෙන්) පිළිතුරු පතනුයේ ශ්රවණය කරන්නන් වෙති. මියගිය ඇත්තන් අල්ලාහ් නැවත නැගිටුවා පසුව ඔහු වෙතට ඔවුහු යොමු කරනු ලබති.
තෆ්සීර්
ඔබ ගෙන ආ දෑ පිළිගනිමින් ඔබට පිළිතුරු දෙනුයේ ප්රකාශයට සවන් දී එය වටහා ගන්නන්ය. දෙවියන් ප්රතික්ෂේප කරන්නෝ මළවුන් මෙනි. ඔවුනට කිසිදු කරුණක් නැත. ඔවුන්ගේ හදවත් මිය ගොස් ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් යළි අවදි කරවයි. පසු ව ඔවුන් පෙර සිදු කළ දෑ ට ප්රතිඵල පිරිනමනු පිණිස ඔහු වෙතටම යොමු කරනු ලබති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න