සූරා 6 · ජුස් 7

Al-An'am · 6:35

وَإِنْ كَانَ كَبُرَ عَلَيْكَ إِعْرَاضُهُمْ فَإِنِ اسْتَطَعْتَ أَنْ تَبْتَغِيَ نَفَقًا فِي الْأَرْضِ أَوْ سُلَّمًا فِي السَّمَاءِ فَتَأْتِيَهُمْ بِآيَةٍ ۚ وَلَوْ شَاءَ اللَّهُ لَجَمَعَهُمْ عَلَى الْهُدَىٰ ۚ فَلَا تَكُونَنَّ مِنَ الْجَاهِلِينَ

ඔවුන්ගේ පිටුපෑම නුඹ වෙත දරුණු වූයේ නම් එවිට මහපොළොවෙහි උමගක් සොයා හෝ අහසින් ඉණිමඟක් තබා ඔවුන් වෙත (එසේ) සාධකයක් රැගෙන ඒමට ඔබ හැකියාව දැරුවද (ඔවුන් පිටුපාමින්ම සිටිති.) තවද අල්ලාහ් කැමති වූයේ නම් (එවිට ද) යහමඟ මත ඔවුන් ව රැස් කරන්නට තිබුණි. එබැවින් නුඹ අඥානයින් අතුරින් නොවනු.

තෆ්සීර්

අහෝ! දූතය, ඔබ කවර සත්යයක් ඔවුන් වෙත ගෙන ආවේද එය ඔවුන් ප්රතික්ෂේප කිරීමෙන් හා බොරු කිරීමෙන් ඔබ මුහුණ දෙන දෑ ඔබට දුෂ්කර වී නම් මහපොළොවේ උමගක් හෝ අහසට නගින ඉණිමගක් සොයා ගොස් අපි ඔබ ව කවර කරුණකින් තහවුරු කර සිටියේද එය හැර වෙනත් සාධක හෝ සාක්ෂි ඔවුන් වෙත ගෙන එන්නට හැකිවන්නේ නම් එය කරනු. ඔබ කවර දෙයක් ගෙන ආවේද එම යහමග මත ඔවුන් එක්රැස් කරන්නට අල්ලාහ් අභිමත කළේ නම් ඔහු ඔවුන් එක්රැස් කරනු ඇත. නමුත් එය ප්රඥාවන්ත කටයුත්තක් නොවේ. එබැවින් ඔබ ඒ හේතුකොටගෙන අඥානයින්ගෙන් කෙනෙකු නොවන්න. ඔවුන් විශ්වාස නොකිරීම ගැන පවතින දුක ඔබේ සිතින් පහ කර දමන්න.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න