සූරා 6 · ජුස් 7

Al-An'am · 6:34

وَلَقَدْ كُذِّبَتْ رُسُلٌ مِنْ قَبْلِكَ فَصَبَرُوا عَلَىٰ مَا كُذِّبُوا وَأُوذُوا حَتَّىٰ أَتَاهُمْ نَصْرُنَا ۚ وَلَا مُبَدِّلَ لِكَلِمَاتِ اللَّهِ ۚ وَلَقَدْ جَاءَكَ مِنْ نَبَإِ الْمُرْسَلِينَ

නුඹට පෙරද රසූල්වරුන් බොරු කරනු ලැබූහ. නමුත් අපගේ උදව් ව ඔවුන් වෙත පැමිණෙන තෙක් ඔවුන් බොරු කරනු ලැබූ දෑ හා ඔවුන් හිංසා පීඩාවට ලක් වූ දෑ ඉවසා දරා ගත්හ. අල්ලාහ්ගේ වදන් වෙනස් කරන්නකු නොමැත. තවද සැබැවින්ම රසූල්වරුන්ගේ තොරතුරු ඔබ වෙත පැමිණ ඇත.

තෆ්සීර්

සැබැවින් මෙම බොරු කිරීම ඔබ ගෙන ආ දෑ ට පමණක් අදාළ වන බව ඔබ නොසිතන්න. ඔබට පෙර සිටි දූතවරුන් පවා බොරු කරනු ලැබූහ. ඔවුන්ගේ සමූහයා ඔවුන්ට වේදනා දුන්හ. අල්ලාහ්ගෙන් උදව් උපකාර ඔවුන් වෙත පැමිණෙන තෙක් අල්ලාහ්ගේ මාර්ගයේ ඔවුන් පරිශ්රමය දරමින් දහම ප්රකාශ කරමින් ඉවසීමෙන් ඒවාට මුහුණ දුන්හ. අල්ලාහ් නියම කළ උපකාරය හා තම දූතවරුන්ට ලබා දුන් ප්රතිඥාව වෙනස් කරන්නෙකු නොවේ. අහෝ! දූතය, ඔබට පෙර සිටි දූතවරුන් ගැනත් ඔවුන්ගේ සමූහයන් නිසා ඔවුන් මුහුණ දුන් දෑ ගැනත් ඔවුනට එරෙහි සතුරන් විනාශ කරමින් ඔවුන්ට අල්ලාහ් කළ උපකාරය ගැනත් තොරතුරු ඔබ වෙත පැමිණ ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න