සූරා 6 · ජුස් 7

Al-An'am · 6:33

قَدْ نَعْلَمُ إِنَّهُ لَيَحْزُنُكَ الَّذِي يَقُولُونَ ۖ فَإِنَّهُمْ لَا يُكَذِّبُونَكَ وَلَٰكِنَّ الظَّالِمِينَ بِآيَاتِ اللَّهِ يَجْحَدُونَ

(නබිවරය !) ඔවුන් පවසන දෑ නුඹ දුකට පත් කරනු ඇතැයි සැබැවින්ම අපි දනිමු. සැබැවින්ම ඔවුහු නුඹ ව බොරු නොකළෝය. නමුත් අපරාධකරුවන් අල්ලාහ්ගේ වදන් පිටුපානු ඇත.

තෆ්සීර්

අහෝ! දූතය, ඔවුන් එළිපිටම ඔබට කරන බොරුව ඔබ දුකට පත් කරන බව සැබැවින්ම අපි දනිමු. නමුත් ඔවුන්ගේ සිත් තුළ ඔබ ව බොරු නොකරන බව දැන ගනු. ඔබේ සත්ය බවත් විශ්වාසනීය බවත් ඔවුන් දනිති. එනමුත් ඔවුහු ඔබේ නියෝගය එළිපිට පිළිකුල් කරන පිරිසකි. ඔවුන්ගේ සිත් තුළ ඒ ගැන තරයේම විශ්වාස කරති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න