සූරා 6 · ජුස් 7

Al-An'am · 6:32

وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلَّا لَعِبٌ وَلَهْوٌ ۖ وَلَلدَّارُ الْآخِرَةُ خَيْرٌ لِلَّذِينَ يَتَّقُونَ ۗ أَفَلَا تَعْقِلُونَ

මෙලොව ජීවිතය කෙළිලොල් හා පුහුවක් මිස නැත. මතු ලොව නිවහන දේව බිය හැඟීමෙන් කටයුතු කරන්නන්ට වඩාත් ශ්‍රේෂ්ඨය. නුඹලා (ඒ බව) වටහා ගත යුතු නොවේ ද?

තෆ්සීර්

අල්ලාහ් තෘප්තියට පත්වන දෑ සිදු නොකරන්නන්හට ඔබ ගත කරන මෙලොව ජීවිතය විහිළුවක් හා රැවටීමක් මිස නැත. විශ්වාසය කරන මෙන් අණ කරනු ලැබූ දා ක්රියාවට නංවා ඔහුට අවනත වී තහනම් කරනු ලැබූ දෙවියන්ට ආදේශ කිරීම පාපකම් කිරීම යනාදිය අතහැර දමා අල්ලාහ්ට බැතිමත් වන්නන් හට මතුලොව නිවහන උතුම් වන්නේය. අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි, ඒ ගැන ඔබ වටහා ගෙන විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළ යුතු නොවේද?

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න