සූරා 6 · ජුස් 7
Al-An'am · 6:31
قَدْ خَسِرَ الَّذِينَ كَذَّبُوا بِلِقَاءِ اللَّهِ ۖ حَتَّىٰ إِذَا جَاءَتْهُمُ السَّاعَةُ بَغْتَةً قَالُوا يَا حَسْرَتَنَا عَلَىٰ مَا فَرَّطْنَا فِيهَا وَهُمْ يَحْمِلُونَ أَوْزَارَهُمْ عَلَىٰ ظُهُورِهِمْ ۚ أَلَا سَاءَ مَا يَزِرُونَ
සැබැවින්ම අල්ලාහ් මුණ ගැසීම බොරු යැයි ප්රකාශ කළවුන් අලාභ වින්දහ. අවසන් හෝරාව අනපේක්ෂිත ව ඔවුන් වෙත පැමිණි විට ඔවුන් ඔවුන්ගේ (පාප) බර ඔවුන්ගේ පිට මත ඔසවා ගනිමින් අහෝ ! අපි මෙ(ලොවෙ)හි අතපසු කළ දෑ හි විනාශය ! යැයි පවසති. ඔවුන් ඔසවා ගන්නා දෑ නපුරු නොවේ ද?
තෆ්සීර්
කිසිදු පූර්ව දැනුමකින් තොරව ක්ෂණික ව අවසන් මොහොත ඔවුන් වෙත පැමිණෙන තෙක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම බොරු කොට, අල්ලාහ් ඉදිරියේ සීරුවෙන් සිටීමෙන් දුරස්වන්නට අපේක්ෂා කළවුන් පාඩු වින්දහ. තමන්ට අත් වූ දැඩි කනස්සල්ල හේතුවෙන් “අහෝ! අපගේ විනාශය, අපගේ සිතුවිලි වල භයානක කම, අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහු ව විශ්වාස කිරීමෙන් වැළකී මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයට සූදානම් නොවන අයුරින් අප හකුළුවා දැමුවේ කුමක් දැ?"යි ඔවුන් පවසති. ඔවුහු ඔවුන්ගේ පිටවල් මත ඔවුන්ගේ පාපකම් උසුලමින් සිටිති. එම පාපකම් උසුලා ගෙන සිටීම කෙතරම් අවලස්සනද?!
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න