සූරා 6 · ජුස් 7
Al-An'am · 6:30
وَلَوْ تَرَىٰ إِذْ وُقِفُوا عَلَىٰ رَبِّهِمْ ۚ قَالَ أَلَيْسَ هَٰذَا بِالْحَقِّ ۚ قَالُوا بَلَىٰ وَرَبِّنَا ۚ قَالَ فَذُوقُوا الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ
තවද ඔවුහු තම පරමාධිපති ඉදිරියේ සිටවනු ලැබූ විට නුඹ දකියි නම් මෙය සත්යය නොවේ දැ යි ඔහු විමසා සිටියි. අපගේ පරමාධිපතියාණන් මත දිවුරා පවසමු. (එය) එසේය යැයි පවසති. එසේ නම් නුඹලා ප්රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් මෙම දඬුවම නුඹලා භුක්ති විඳිනු යැයි ඔහු පවසනු ඇත.
තෆ්සීර්
අහෝ දූතය! ඔබේ පරමාධිපති ඉදිරියේ යළි අවදි කිරීම ප්රතික්ෂේප කළවුන් සිටුවා තබනු ලබන අවස්ථාව ඔබ දුටුවේ නම් අල්ලාහ් ‘ඔබ බොරු කරමින් සිටි යළි අවදි කිරීමේ මෙම අවස්ථාව කිසිදු සැකයකට හෝ කුතුහලයකට ඉඩක් නැති සැබෑවක් හා ස්ථිර කරුණක් නොවීදැයි විමසා සිටියදී ඔවුහු “අප ව මැවූ අපගේ පරමාධිපති මත දිවුරමු. සැබැවින්ම එය සත්යයකි. එහි කිසිදු සැකයක් නැත. ස්ථීරය.” යැයි පවසති. එවිට ඒ සම්බන්ධයෙන් අල්ලාහ් ඔවුනට මෙසේ පවසයි. “අද දිනය පිළිබඳ ඔබ ප්රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් ඔබ දඬුවම භුක්ති විඳිනු. ඔබ එය මෙලොව ජීවිතයෙහි බොරු කරමින් සිටියෙහුය.” මෙමගින් ඔවුන්ගේ නපුරු තත්ත්වය පුදුමයෙන් බලනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න