සූරා 6 · ජුස් 8

Al-An'am · 6:161

قُلْ إِنَّنِي هَدَانِي رَبِّي إِلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ دِينًا قِيَمًا مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا ۚ وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ

සැබැවින්ම මාගේ පරමාධිපති ඍජු දහමින් යුත් ඉබ්‍රාහීම්ගේ අවංක පිළිවෙතින් මා හට නිවැරදි මාර්ගය වෙත මඟ පෙන්වීය. සැබැවින්ම ඔහු ආදේශ කරන්නන් අතුරින් නොවීය.

තෆ්සීර්

අහෝ දූතයිනි, බොරුකාර මෙම ආදේශ තබන්නන් හට ඔබ මෙසේ පවසනු. සැබැවින්ම මම වනාහි මාගේ පරමාධිපති ඍජු මාර්ගය වෙත මට මග පෙන්වා ඇත. එය මෙලොවට හා මතුලොවට යහපත ගෙන දෙන ස්ථාවර දහමෙහි මාර්ගයයි. එය සත්යය වෙත නැඹුරු වූ ඉබ්රාහීම් අලය්හිස් සලාම් තුමාගේ පිළිවෙතයි. හෙතෙම කිසිවිටෙක අල්ලාහ්ට ආදේශ තබන්නන් අතුරින් කෙනෙකු නොවූහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න

Al-An'am 6:161 · Tlawati