සූරා 6 · ජුස් 8
Al-An'am · 6:160
مَنْ جَاءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ أَمْثَالِهَا ۖ وَمَنْ جَاءَ بِالسَّيِّئَةِ فَلَا يُجْزَىٰ إِلَّا مِثْلَهَا وَهُمْ لَا يُظْلَمُونَ
කවරෙකු යහපතක් රැගෙන එන්නේ ද එවිට ඔහුට ඒ හා සමාන (ප්රතිඵල) දහයක් හිමිය. තවද කවරෙකු නපුරක් රැගෙන එන්නේ ද එවිට ඒ හා සමාන (ප්රතිවිපාක)යක් මිස වෙනෙකක් නොමැත. ඔවුහු අසාධාරණකම් කරනු නොලබති.
තෆ්සීර්
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දෙවියන් පිළිබඳ විශ්වාස කරන්නන් යම් යහපතක් ගෙන ආවේ නම්, අල්ලාහ් ඔහුට එය දස ගුණයකින් ගුණ කර දෙනු ඇත. ඔහු යම් අයහපතක් ගෙන ආවේ නම් එහි සැහැල්ලු හා බැරෑරුම් තරමට අනුව එයට සමානව මිස ඉන් කිසිවක් වැඩි කර දඬුවම් නොකරන්නේමය. යහපත් ක්රියාවන්ට හිමි කුසල් අඩු කරමින් හෝ අයහපත් ක්රියාවන්ට හිමි දඬුවම් වැඩි කරමින් හෝ කිසිදු අසාධාරණයක් ඔවුනට කරනු නොලැබේ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න