සූරා 6 · ජුස් 8
Al-An'am · 6:159
إِنَّ الَّذِينَ فَرَّقُوا دِينَهُمْ وَكَانُوا شِيَعًا لَسْتَ مِنْهُمْ فِي شَيْءٍ ۚ إِنَّمَا أَمْرُهُمْ إِلَى اللَّهِ ثُمَّ يُنَبِّئُهُمْ بِمَا كَانُوا يَفْعَلُونَ
සැබැවින්ම තම දහම බෙදා වෙන් කොට කණ්ඩායම් වශයෙන් පත් වූවන් ඔවුන් අතුරින් නුඹ කිසිදු විෂයයක නොවන්නෙහිය. සැබැවින්ම ඔවුන්ගේ විෂය සියල්ල අල්ලාහ් වෙතය. පසු ව ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳ ව ඔහු ඔවුනට දන්වයි.
තෆ්සීර්
සැබැවින්ම තම දහමින් කොටසක් පිළිපැද තවත් කොටසක් අතහැර දමමින් යුදෙව්වන් හා කිතුනුවන් අතර තම දහම වෙන්කර ගත්තවුන් වනාහි, ඔවුහු මතභේද වලින් පිරුණු පිරිසක් බවට පත් වූහ. අහෝ දූතය! ඔවුන්ගෙන් කිසිවක ඔබ නැත. ඔවුන් කවර මුළාවක පසුවන්නේද එයින් ඔබ නිදොස්ය. ඔබට ඇත්තේ ඔවුනට අවවාද කිරීම පමණි. ඔවුන්ගේ කටයුතු අල්ලාහ් වෙත භාර කරනු ලැබේ. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මෙලොවෙහි ඔවුන් සිදු කරමින් සිටි දෑ පිළිබඳ තොරතුරු ඔහු ඔවුනට දන්වා ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිවිපාක පිරිනමයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න