සූරා 6 · ජුස් 8

Al-An'am · 6:158

هَلْ يَنْظُرُونَ إِلَّا أَنْ تَأْتِيَهُمُ الْمَلَائِكَةُ أَوْ يَأْتِيَ رَبُّكَ أَوْ يَأْتِيَ بَعْضُ آيَاتِ رَبِّكَ ۗ يَوْمَ يَأْتِي بَعْضُ آيَاتِ رَبِّكَ لَا يَنْفَعُ نَفْسًا إِيمَانُهَا لَمْ تَكُنْ آمَنَتْ مِنْ قَبْلُ أَوْ كَسَبَتْ فِي إِيمَانِهَا خَيْرًا ۗ قُلِ انْتَظِرُوا إِنَّا مُنْتَظِرُونَ

මලක්වරුන් ඔවුන් වෙත පැමිණීම හෝ නුඹගේ පරමාධිපති ඔවුන් වෙත පැමිණීම හෝ නුඹගේ පරමාධිපතිගේ සාධක සමහරක් පැමිණීම හෝ ඔවුන් බලාපොරොත්තු වන්නේ ද? නුඹගේ පරමාධිපතිගේ සාධක සමහරක් පැමිණෙන දින කිසිදු ආත්මයකට එහි විශ්වාසය ප්‍රයෝජනවත් නොවනු ඇත. මීට පෙර එය විශ්වාස නොකළේය. එමෙන්ම එම විශ්වාසය තුළ කිසිදු යහපතක් උපයා ගත්තේ ද නැත. නුඹලා බලාපොරොත්තු වෙන් සිටිනු. සැබැවින්ම අප ද බලාපොරොත්තුවෙන් සිටින්නන් වෙමු යැයි (නබිවරය) නුඹ පවසනු.

තෆ්සීර්

මෙසේ බොරු කරන්නන් බලාපොරොත්තු වනුයේ මෙලොවෙහි තම ප්රාණ අත්පත් කිරීම සඳහා මරණයේ දූතයා හා ඔහුගේ සහකරුවන් ඔවුන් වෙත පැමිණීම හෝ මතු ලොවෙහි ජනයා අතර වෙන් කරන දින ඔබේ පරමාධිපති පැමිණ ඔවුන් අතර තීන්දු දී වෙන් කිරීම හෝ හිරු බටහිරෙන් උදාවීම වැනි ඔබේ පරමාධිපතිගේ ඇතැම් සංඥාවන් සිදු වන දින අවසන් හෝරාව පිළිබඳ පෙන්වා දෙන ඔබේ පරමාධිපතිගේ ඇතැම් සාධක පැමිණීම මිස වෙනකක් නොවේ. එදින දේව ප්රතික්ෂෙපකයාගේ දේව විශ්වාසය පලක් නොවනු ඇත. ඊට පෙර කිසිදු යහපතක් සිදු නොකළ දේව විශ්වාසියාටත් ඔහුගේ ක්රියාවන් පලක් නොවනු ඇත. අහෝ දූතය, මේවායින් කිසිවක් ඇති වන තෙක් ඔබ බලාපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම අප ද බලාපොරොත්තුවෙන් සිටින්නෙමු. යැයි දෙවියන්ට ආදේශ තබන මෙම බොරුකාරයින් හට ඔබ පවසනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න