සූරා 6 · ජුස් 8
Al-An'am · 6:157
أَوْ تَقُولُوا لَوْ أَنَّا أُنْزِلَ عَلَيْنَا الْكِتَابُ لَكُنَّا أَهْدَىٰ مِنْهُمْ ۚ فَقَدْ جَاءَكُمْ بَيِّنَةٌ مِنْ رَبِّكُمْ وَهُدًى وَرَحْمَةٌ ۚ فَمَنْ أَظْلَمُ مِمَّنْ كَذَّبَ بِآيَاتِ اللَّهِ وَصَدَفَ عَنْهَا ۗ سَنَجْزِي الَّذِينَ يَصْدِفُونَ عَنْ آيَاتِنَا سُوءَ الْعَذَابِ بِمَا كَانُوا يَصْدِفُونَ
නැතහොත් සැබැවින්ම අප වෙත පුස්තකය පහළ කරනු ලැබුවේ නම් ඔවුනට වඩා අපි යහ මඟ ලැබූවන් වන්නෙමු යැයි ඔවුන් නොපවසනු පිණිසය. නමුත් නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙත පැහැදිලි සාධකය මඟ පෙන්වීම හා ආශිර්වාදය පැමිණි විට අල්ලාහ්ගේ වදන් බොරු කොට එය පිටු පෑ අයට වඩා මහා අපරාධකරු කවරෙකු ද? අපගේ වදන් පිටුපාන්නන්ට ඔවුන් පිටුපාමින් සිටි හේතුවෙන් නපුරු දඬුවමක් මතු අපි ප්රතිවිපාක වශයෙන් පිරිනමන්නෙමු.
තෆ්සීර්
යුදෙව්වන් හා කිතුනුවන් හට අල්ලාහ් පහළ කළාක් මෙන් පුස්තකයක් අපහටත් ඔහු පහළ කළේ නම් ඔවුනට වඩා අපි එහි ස්ථාවරව සිටින්නෙමු' යැයි ඔවුන් නොපවසනු පිණිසය. ඔබේ නබිවරයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා වෙත ඔබේ බසින්ම අල්ලාහ් පහළ කළ පුස්තකයක් සැබැවින්ම ඔබ වෙත පැමිණ ඇත. එය පැහැදිළි සාක්ෂියකි. සත්යය වෙත මග පෙන්වීමකි. මෙම සමූහයාට ආශිර්වාදයකි. එහෙයින් නිදහසට බොරු කාරණා ඉදිරිපත් නොකරනු. ව්යාජ කරුණු ඉදිරිපත් නොකරනු. අල්ලාහ්ගේ වදන් බොරු කොට එයින් වෙනතකට යොමු වූ අයකුට වඩා මහා අපරාධකරුවකු වෙනත් නැත. අපගේ වදන් පිටු පා වෙනතකට යොමුවන්නන්හට ඔවුන්ගේ එම පිටුපෑම හා වෙනතකට යොමු වීම සඳහා ප්රතිවිපාකයක් වශයෙන් නිරා ගින්නට ඇතුළත් කරමින් ඔවුන් දැඩි දඬුවමට ලක් කරන්නෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න