සූරා 6 · ජුස් 8
Al-An'am · 6:156
أَنْ تَقُولُوا إِنَّمَا أُنْزِلَ الْكِتَابُ عَلَىٰ طَائِفَتَيْنِ مِنْ قَبْلِنَا وَإِنْ كُنَّا عَنْ دِرَاسَتِهِمْ لَغَافِلِينَ
අපට පෙර පුස්තකය පහළ කරනු ලැබුවේ (යුදෙව් හා කිතුනු යන) දෙපිරිස වෙතමය. තවද අපි ඔවුන්ගේ ඉගැන්වීම් ගැන අපි අනවධානීන් ලෙස සිටියෙමු යැයි ඔවුහු නොපවසනු පිණිසය.
තෆ්සීර්
අහෝ දෙවියන්ට ආදේශ කළ අරාබි ජාතිකයිනි! සැබැවින්ම අල්ලාහ් තව්රාතය හා ඉන්ජීලය පහළ කර ඇත්තේ අපට පෙර වූ යුදෙව්වන් හා කිතුනුවන්ටය. 'අප මත කිසිදු පුස්තකයක් පහළ නොකළේය. ඔවුන්ගේ පුස්තක අපේ බසින් නොව ඔවුන්ගේ බසින් තිබෙන බැවින් එය කියවීමට සැබැවින්ම අපි නොදනිමු.' යැයි ඔබ නොපවසනු පිණිසය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න