සූරා 6 · ජුස් 8
Al-An'am · 6:152
وَلَا تَقْرَبُوا مَالَ الْيَتِيمِ إِلَّا بِالَّتِي هِيَ أَحْسَنُ حَتَّىٰ يَبْلُغَ أَشُدَّهُ ۖ وَأَوْفُوا الْكَيْلَ وَالْمِيزَانَ بِالْقِسْطِ ۖ لَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا ۖ وَإِذَا قُلْتُمْ فَاعْدِلُوا وَلَوْ كَانَ ذَا قُرْبَىٰ ۖ وَبِعَهْدِ اللَّهِ أَوْفُوا ۚ ذَٰلِكُمْ وَصَّاكُمْ بِهِ لَعَلَّكُمْ تَذَكَّرُونَ
අනාථයාගේ ධනයට ඔහු වැඩි විය පත් වන තුරු යුක්ති සහගත අයුරින් මිස සමීප නොවනු. තවද කිරුම් මිණුම් යුක්ති සහගත ලෙසින් පූර්ණ ව ඉටු කරනු. කිසිදු ආත්මයකට එහි හැකියාව අනුව මිස අපි බර නොපටවන්නෙමු. සමීප ඥාතියකු වුව ද නුඹලා පවසන විට යුක්තිගරුක ව පවසනු. තවද අල්ලාහ්ගේ ගිවිසුම ඉටු කරනු. මේවා මෙමගින් නුඹලාට උපදෙස් දෙනුයේ නුඹලා මෙනෙහි කිරීමට හැකි වනු පිණිසය.
තෆ්සීර්
(වැඩිවියට පත් වීමට පෙර තම පියා මිය ගිය) අනාථයාගේ ධනය පරිහරණය කිරීමත් අල්ලාහ් තහනම් කළේය. නමුත් එහි ඔහුට යම් ප්රයෝජනයක් හෝ යහපතක් ඇත්නම් ඔහු වැඩිවියට පත් වන තෙක් ඔහුගේ ධනය වර්ධනය කළ හැකිනම් හෝ එමගින් ඔහුට මගක් පාදා දිය හැකි නම් එසේ පරිහරණය කිරීම වදරක් නැත. එමෙන්ම කිරුම් මිනුම් වල අඩුපාඩු ඇති කිරීමත් ඔබට තහනම් කළේය. ව්යාපාර ගනුදෙනු වලදී සාධාරණත්වය පිළිපැඳීම ඔබේ අනිවාර්යය වගකීමයි. කිසිදු ආත්මයකට එහි හැකියාවේ තරමට මිස කිසිවක් නොපැටවිය යුතුයි. ගනුදෙනු වලදී වැඩි කිරීම හෝ අඩු කිරීම වැළැක්විය නොහැකි කරුණක් නම් එහිදී එය වරදක් ලෙස නොසැලකේ. යම් කිසි තොරතුරක් හෝ සාක්ෂියක් ලබා දීමේදී කිසිදු පක්ෂපාතීත්වයකට හෝ මිතුරුකමකට බැඳී නිවැරදි නොවන දෑ පැවසීමත් ඔබට ඔහු තහනම් කළේය. එමෙන්ම ඔබ අල්ලාහ්ට යම් පොරොන්දුවක් දී ඇත්නම් හෝ ප්රතිඥාවක් ඔහුගෙන් ගෙන ඇත්නම් හෝ ඔහුගේ පොරොන්දු හා ප්රතිඥා කඩ කිරීමත් ඔහු ඔබට තහනම් කළේය. එය ඉටු කිරීම ඔබේ වගකීමය. ඉදිරිපත් කරන ලද මේවා අල්ලාහ් ඔබට ස්ථීර ලෙස අණ කර ඇති දෑ ය. එසේ ඔබට අණ කර ඇත්තේ ඔබේ කටයුතු වල අවසානය ඔබ මෙනෙහි කිරීමේ අපේක්ෂාවෙනි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න