සූරා 6 · ජුස් 8
Al-An'am · 6:153
وَأَنَّ هَٰذَا صِرَاطِي مُسْتَقِيمًا فَاتَّبِعُوهُ ۖ وَلَا تَتَّبِعُوا السُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَنْ سَبِيلِهِ ۚ ذَٰلِكُمْ وَصَّاكُمْ بِهِ لَعَلَّكُمْ تَتَّقُونَ
තවද නියත වශයෙන්ම මෙය මාගේ ඍජු මාර්ගයයි. එබැවින් නුඹලා එය අනුගමනය කරනු. (වෙනත්) මාර්ග අනුගමනය නොකරනු. එවිට නුඹලා ව ඔහුගේ මාර්ගයෙන් එය වෙන් කරනු ඇත. මේවා මෙමගින් නුඹලාට උපදෙස් දෙනුයේ නුඹලා බිය බැතිමත් විය හැකි වනු පිණිසය.
තෆ්සීර්
නොමග හා එයට අදාළ මාර්ග අනුගමනය කිරීමත් ඔහු ඔබට තහනම් කළේය. ඔබ අනුගමනය කළ යුත්තේ කිසිදු ඇදයක් නොමැති අල්ලාහ්ගේ ඍජු මාර්ගය පමණි. නොමග ගිය මාර්ග සත්යයෙන් දුරස් කරවා එයින් වෙන් කිරීමට කටයුතු කරයි. අල්ලාහ් ඔබට උපදෙස් දී ඇත්තේ ඔහුගේ ඍජු මාර්ගය අනුගමනය කිරීමටය. එය ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට භක්තිමත් ව ඔබ කටයුතු කිරීමේ අපේක්ෂාවෙනි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න