සූරා 6 · ජුස් 8

Al-An'am · 6:151

۞ قُلْ تَعَالَوْا أَتْلُ مَا حَرَّمَ رَبُّكُمْ عَلَيْكُمْ ۖ أَلَّا تُشْرِكُوا بِهِ شَيْئًا ۖ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا ۖ وَلَا تَقْتُلُوا أَوْلَادَكُمْ مِنْ إِمْلَاقٍ ۖ نَحْنُ نَرْزُقُكُمْ وَإِيَّاهُمْ ۖ وَلَا تَقْرَبُوا الْفَوَاحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ ۖ وَلَا تَقْتُلُوا النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ ۚ ذَٰلِكُمْ وَصَّاكُمْ بِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ

එනු. නුඹලාගේ පරමාධිපති නුඹලාට තහනම් කළ දෑ මම නුඹලා වෙත පවසමි යැයි (නබිවරය) නුඹ පවසනු. එය නුඹලා ඔහුට කිසිවක් ආදේශ නොකරන බවටත්, දෙමාපියන්ට උපකාරශීලී ව කටයුතු කරන ලෙසත්, දිළිඳුකම හේතුවෙන් නුඹලාගේ දරුවන් ඝාතනය නොකරන ලෙසත්, -නුඹලාට හා ඔවුනට පෝෂණය දෙනුයේ අපමය.- එමෙන්ම නුඹලා අශික්ෂිත දැයින් මතුපිටින් පෙනෙන දෑ හා රහසිගත දෑට සමීප නොවන ලෙසත්ය. අල්ලාහ් නුඹලාට තහනම් කළ ආත්මයක් නුඹලා යුක්තියෙන් තොර ව මිස ඝාතනය නොකරනු. මෙසේ එය නුඹලාට ඔහු උප‍දෙස් දෙනුයේ නුඹලා වටහා ගත හැකි වනු පිණිසය.

තෆ්සීර්

අහෝ දූතය! ඔබ ජනයාට මෙසේ පවසනු. ජනයිනි, ඔබ එනු. අල්ලාහ් තහනම් කළ දෑ මම ඔබට කියවා පෙන්වමි. ඔහුගේ මැවීම් අතුරින් යමක් ඔහුට ඔබ ආදේශ තැබීමත් ඔබේ දෙමාපියන්ට ඔබ හිංසා කිරීමත් ඔහු ඔබට තහනම් කළේය. ඔවුන් සමග උපකාරශීලී ව කටයුතු කිරීම ඔබට අනිවාර්යය වේ. එමෙන්ම අඥාන යුගයේ ජනයා සිදු කළාක් මෙන් දිළිඳුකම හේතුවෙන් ඔබේ දරුවන් ඔබ ඝාතනය කිරීමත් ඔහු තහනම් කළේය. ඔබට ආහාර සම්පත් පිරිනමනුයේත් ඔවුනට ආහාර සම්පත් පිරිනමනුයේත් අපමය. ප්රසිද්ධියේ හෝ රහසිගත ව සිදුවන අශීලාචාර කටයුතු වලට ඔබ සමීප වීමත් ඔහු තහනම් කළේය. විවාහක කෙනෙකු දුරාචාරයේ යෙදීම රාජ්ය ද්රෝහී කටයුතු වල නිරත වීම වැනි මරණ දඬුවම නියම වන සාධාරණ හේතුවකින් තොරව අල්ලාහ් තහනම් කළ ආත්මයක් නිරපරාදේ ඝාතනය කිරීමත් තහනම් කළේය. ඉහත සඳහන් කළ කරුණු ඔහු ඔබට උපදෙස් දී ඇත්තේ අල්ලාහ් පිළිබඳ හා ඔහුගේ නියෝග හා ඔහු තහනම් කළ දෑ පිළිබඳ ඔබ වටහා ගනු පිණිසය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න