සූරා 6 · ජුස් 8
Al-An'am · 6:150
قُلْ هَلُمَّ شُهَدَاءَكُمُ الَّذِينَ يَشْهَدُونَ أَنَّ اللَّهَ حَرَّمَ هَٰذَا ۖ فَإِنْ شَهِدُوا فَلَا تَشْهَدْ مَعَهُمْ ۚ وَلَا تَتَّبِعْ أَهْوَاءَ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا وَالَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ وَهُمْ بِرَبِّهِمْ يَعْدِلُونَ
මෙය තහනම් කළේ සැබැවින්ම අල්ලාහ් යැයි සාක්ෂි දරන නුඹලාගේ සාක්ෂිකරුවන් ගෙන එනු යැයි (නබිවරය) නුඹ පවසනු. එවිට ඔවුහු සාක්ෂි දැරුවේ නම් එවිට නුඹ ඔවුන් සමඟ වී සාක්ෂි නොදරනු. අපගේ වදන් බොරු කළවුන්ගේ හා අවසානය විශ්වාස නොකරන්නන්ගේ ආශාවන් අනුගමනය නොකරනු. තවද ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිට සමානකම් ඇති කරති.
තෆ්සීර්
අහෝ දූතය! අල්ලාහ් අනුමත කළ දෑ තහනම් කරන එසේ තහනම් කළේ අල්ලාහ් බව තර්ක කරන දේව ආදේශකයින් හට ඔබ මෙසේ පවසනු. ඔබ තහනම් කළ කරුණ අල්ලාහ් තහනම් කර ඇති බවට ඔබ සාක්ෂි දරන ඔබේ සාධක ඉදිරිපත් කරනු. සැබැවින්ම අල්ලාහ් එය තහනම් කළ බවට කිසිදු දැනුමකින් තොරව ඔවුන් සාක්ෂි ඉදිරිපත් කරන්නේ නම් අහෝ දූතය! ඔබ ඔවුන්ගේ සාක්ෂිය සම්බන්ධයෙන් ඔවුන් සත්ය වාදීන් යැයි නොපවසනු. හේතුව එය සැබවින්ම බොරු සාක්ෂියක් වන බැවිණි. තම ආශාවන්ට වහල් වී තීන්දු පතන්නන්ගේ ආශාවන් ඔබ අනුගමනය නොකරනු. ඔවුනට අල්ලාහ් අනුමත කළ දෑ ඔවුන් විසින් තහනම් කළ අවස්ථාවේ ඔවුහු අපගේ වදන් බොරු කළෝය. මතු ලොව පිළිබඳ විශ්වාස නොකරන අය ව ඔබ අනුගමනය නොකරනු. ඔවුහු තම පරමාධිපතිට ආදේශ කරති. වෙනත් අයට සමාන කරති. තම පරමාධිපති සමග මෙසේ කටයුතු කරන්නන් අනුගමනය කරනු ලබන්නේ කෙසේද?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න