සූරා 6 · ජුස් 8

Al-An'am · 6:136

وَجَعَلُوا لِلَّهِ مِمَّا ذَرَأَ مِنَ الْحَرْثِ وَالْأَنْعَامِ نَصِيبًا فَقَالُوا هَٰذَا لِلَّهِ بِزَعْمِهِمْ وَهَٰذَا لِشُرَكَائِنَا ۖ فَمَا كَانَ لِشُرَكَائِهِمْ فَلَا يَصِلُ إِلَى اللَّهِ ۖ وَمَا كَانَ لِلَّهِ فَهُوَ يَصِلُ إِلَىٰ شُرَكَائِهِمْ ۗ سَاءَ مَا يَحْكُمُونَ

ගොයමින් හා ගොවිපළ සතුන්ගෙන් බිහි කළ දැයින් අල්ලාහ්ට කොටසක් වෙන් කොට ඔවුන්ගේ කල්පිතය අනුව මෙය අල්ලාහ් වෙනුවෙනි, මෙය තමන්ගේ සම දෙවිවරුන් වෙනුවෙනි යැයි පවසති. ඔවුන්ගේ සම දෙවිවවරුන් වෙනුවෙන් වූ දෑ අල්ලාහ් වෙත ළඟා නොවනු ඇත. තවද අල්ලාහ් වෙනුවෙන් වූ දෑ ඔවුන්ගේ සම දෙවිවරුන් වෙත ළඟා නොවනු ඇත. ඔවුන් තීන්දු කරන දෑ නපුරු විය.

තෆ්සීර්

අල්ලාහ් මැවූ අස්වැනු හා ගොවිපළ සතුන්ගෙන් කොටසක් අල්ලාහ් වෙනුවෙන් වෙන් කොට සැබැවින්ම එම කොටස අල්ලාහ් සතු යැයි ද තවත් කොටසක් ඔවුන්ගේ පිළිම හා ස්මාරක වෙනුවෙන් වෙන් කොට එය ඔවුන් වෙනුවෙන් යැයි පවසා ආදේශ කරන්නන් අල්ලාහ්ට ආදේශ තබති. ඔවුන්ගේ හවුල් කරුවන් වෙනුවෙන් වෙන් කළ දෑ අල්ලාහ් ආගමානුගත කළ දිළිඳු හා දුප්පත් පාර්ශවයන් වෙත සේන්දු වූයේ නැත. අල්ලාහ් වෙනුවෙන් වෙන් කළ දෑ ඔවුන්ගේ හවුල්කාර පිළිම වෙත සේන්දු වී එහි ඒවායෙහි යහපත හුවමාරු වනු ඇතැයි තරයේ විශ්වාස කරති. ඔවුන්ගේ තීන්දුව හා ඔවුන්ගේ කොටස් කිරීම නපුරු නොවේද?

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න