සූරා 6 · ජුස් 8

Al-An'am · 6:137

وَكَذَٰلِكَ زَيَّنَ لِكَثِيرٍ مِنَ الْمُشْرِكِينَ قَتْلَ أَوْلَادِهِمْ شُرَكَاؤُهُمْ لِيُرْدُوهُمْ وَلِيَلْبِسُوا عَلَيْهِمْ دِينَهُمْ ۖ وَلَوْ شَاءَ اللَّهُ مَا فَعَلُوهُ ۖ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ

තවද එලෙසම ආදේශ තබන්නන්ගෙන් බහුතරයක් දෙනාට තම දරුවන් ඝාතනය කිරීම ඔවුන්ගේ හවුල්කාර දෙවිවරු අලංකාර කර පෙන්වීය. එය ඔවුන් (ෂයිතානුන්) ඔවුන් ව විනාශ කරනු පිණිස ද, ඔවුන්ගේ දහම ඔවුනට විකෘති කර පෙන්වනු පිණිසය. අල්ලාහ් සිතුවේ නම් ඔවුහු එය නොකරන්නට තිබුණි. එබැවින් ඔවුන් ගොතමින් සිටින දෑ සමඟ ඔවුන් ව නුඹ අත හැර දමනු.

තෆ්සීර්

මෙම වැරදි සහගත තීන්දුව ආදේශ කළවුන්හට ෂෙයිතාන් අලංකාරවත් කර පෙන්වූවා සේම දිළිඳුකම හේතුවෙන් තම දරුවන් ඝාතනය කිරීම දෙවියන්ට ආදේශ කළවුනට ඔවුන්ගේ හවුල්කාර ෂෙයිතානුවන් අලංකාර කර පෙන්වීය. එය කිසිදු සාධාරණ හේතුවකින් තොරව අල්ලාහ් ඝාතනය කිරීමට තහනම් කළ ආත්මයක් ඝාතනය කිරීමේ වරදට යොමු කර ඔවුන් විනාශ කරනු පිණිසය. එමෙන්ම ඔවුන්ගේ දහම ඔවුනට පටලවා ආගමානුගත කළ දෑ කුමක්ද ආගමානුග ගත නොකළ දෑ කුමක් දැයි හඳුනා නොගනු පිණිසය. ඔවුන් එය සිදු නොකර සිටීමට අල්ලාහ් අභිමත කළේ නම් ඔවුන් එය සිදු නොකරන්නට තිබුණි. නමුත් ඔහු ගැඹුරු ප්රඥාවක් සඳහා එය අභිමත කළේය. එහෙයින් අහෝ දූතය, දෙවියන්ට ආදේශ කරන මොවුන් හා අල්ලාහ් මත බොරු ගොතා පවසන මොවුන්ගේ බොරුව සමග අතහැර දමනු. සැබැවින්ම එය ඔබට හානියක් නොකරනු ඇත. ඔවුන්ගේ කටයුතු අල්ලාහ්ට භාර දෙනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න