සූරා 6 · ජුස් 8

Al-An'am · 6:135

قُلْ يَا قَوْمِ اعْمَلُوا عَلَىٰ مَكَانَتِكُمْ إِنِّي عَامِلٌ ۖ فَسَوْفَ تَعْلَمُونَ مَنْ تَكُونُ لَهُ عَاقِبَةُ الدَّارِ ۗ إِنَّهُ لَا يُفْلِحُ الظَّالِمُونَ

අහෝ ! මාගේ ජනයිනි, නුඹලා නුඹලාගේ ස්ථානයේ සිටකටයුතු කරනු. සැබැවින්ම මම ද (මාගේ ස්ථානයේ සිට) කටුයුතු කරමි. මෙලොව අවසානය යහපත් වන්නේ කා හට දැ යි නුඹලා මතු දැන ගනු ඇත. නියත වශයෙන්ම අපරාධකරුවෝ ජය නොලබති යැයි (නබිවරය) නුඹ පවසනු.

තෆ්සීර්

අහෝ දූතය! ඔබ ඔවුනට මෙසේ පවසනු. අහෝ ජනයිනි, ඔබ ඔබේ ස්ථාවරත්වයේ සිටිනු, ඔබ පිහිටා ඇති දේව ප්රතික්ෂේපය හා මුළාව යන ස්ථාවරත්වය මත සිටිනු. හේතුව සැබැවින්ම මම ඔබට කරුණු දක්වා ඇත්තෙමි. පැහැදිලි ලෙස දන්වා සිටිමින් ඔබ වෙත සාක්ෂි ඉදිරිපත් කර ඇත්තෙමි. ඔබේ ප්රතික්ෂේපය හා ඔබේ මුළාව ගැන මම කනස්සල්ලට පත් නොවෙමි. මම කවර සත්යයක් මත ස්ථාවර ව සිටින්නේද ඒ මත ම සිටිමි. මෙලොව ජයග්රහණය කාහට හිමි වන්නේ දැයි ද මහපොළොව කාහට උරුම වන්නේ දැයි ද මතු ලොව නිවහන කවුරුන් සතු යැයි ද ඔවුන් මතු දැන ගනු ඇත. සැබැවින්ම දෙවියන්ට ආදේශ තබන්නන් මෙලොව ජය ලබන්නේ නැත. මතු ලොවෙහි ද ජය ලබන්නේ නැත. ඔවුන් මෙලොව ඇති සැප පහසුකම් භුක්ති වින්ද ද ඔවුන්ගේ අවසානය විනාශයයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න