සූරා 6 · ජුස් 8
Al-An'am · 6:133
وَرَبُّكَ الْغَنِيُّ ذُو الرَّحْمَةِ ۚ إِنْ يَشَأْ يُذْهِبْكُمْ وَيَسْتَخْلِفْ مِنْ بَعْدِكُمْ مَا يَشَاءُ كَمَا أَنْشَأَكُمْ مِنْ ذُرِّيَّةِ قَوْمٍ آخَرِينَ
තවද අවශ්යතාවන්ගෙන් තොර වූ ද කරුණාවෙන් යුක්ත වූ ද නුඹගේ පරමාධිපති සිතන්නේ නම් වෙනත් සමූහයක පරම්පරා වෙන් නුඹලා ව බිහි කළාක් මෙන් නුඹලා ව පහකොට නුඹලාගෙන් පසු ඔහු සිතන පරිදි (නුඹලා වෙනුවට වෙනත්) නියෝජිතයින් පත් කරනු ඇත.
තෆ්සීර්
අහෝ දූතය! ඔබේ පරමාධිපති ඔබේ ගැත්තන්ගෙන් පොහොසත්ය. ඔවුන් වෙත යැපීමට හෝ ඔවුන්ගේ නැමදුම් වල අවශ්යතාවක් හෝ ඔහුට නැත. එමෙන්ම ඔවුන්ගේ ප්රතික්ෂේපය ඔහුට හානි ඇති කරන්නේද නැත. ඔහු ඔවුන්ගේ අවශ්යතාවෙන් තොර වනවාක් මෙන්ම ඔහු ඔවුන් පිළිබඳ මහා දයාලුය. අහෝ පාපතරයිනි, ඔබ ව විනාශ කිරීමට ඔහු අභිමත කළේ නම් ඔහුගෙන් වූ දඩුවමක් ඔබ වෙත එනු ඇත. ඔබට පෙර විසූ වෙනත් සමූහයන්ගේ පරපුරින් ඔබ ව ඔහු මැව්වාක් මෙන් ම ඔබේ විනාශයෙන් පසු ව ඔහු ව විශ්වාස කරන ඔහුට අවනත වන පිරිසක් ඔහුගේ අභිමතය පරිදි බිහි කරනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න