සූරා 6 · ජුස් 8

Al-An'am · 6:132

وَلِكُلٍّ دَرَجَاتٌ مِمَّا عَمِلُوا ۚ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا يَعْمَلُونَ

සෑම කෙනෙකුටම ඔවුන් කළ දෑ අනුව (විවිධ) තරාතිරම් ඇත. ඔවුන් කරන දෑ පිළිබඳ ව නුඹ ගේ පරමාධිපති අනවධානියකු නොවේ.

තෆ්සීර්

සෑම කෙනෙකුටම ඔවුන්ගේ ක්රියාවන්ට අනුකූලව තරාතිරම් ඇත. එහෙයින් අධික පාපය හා ස්වල්ප පාපය එක හා සමාන නොවෙයි. එමෙන්ම අනුගමනය කරන්නා හා අනුගමනය කරනු ලබන්නා එක හා සමාන නොවන්නේය. එය දැහැමි කටයුතු කරන්නාගේ තිළිණ එක හා සමාන නොවන්නාක් මෙනි. ඔවුන් කරන දෑ පිළිබඳ ඔබේ පරමාධිපති අනවධානයෙන් පසු නොවෙයි. ඒ දෙස ඔහු බලා සිටියි. ඉන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔවුන්ගේ ක්රියාවන් සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න