සූරා 6 · ජුස් 8
Al-An'am · 6:128
وَيَوْمَ يَحْشُرُهُمْ جَمِيعًا يَا مَعْشَرَ الْجِنِّ قَدِ اسْتَكْثَرْتُمْ مِنَ الْإِنْسِ ۖ وَقَالَ أَوْلِيَاؤُهُمْ مِنَ الْإِنْسِ رَبَّنَا اسْتَمْتَعَ بَعْضُنَا بِبَعْضٍ وَبَلَغْنَا أَجَلَنَا الَّذِي أَجَّلْتَ لَنَا ۚ قَالَ النَّارُ مَثْوَاكُمْ خَالِدِينَ فِيهَا إِلَّا مَا شَاءَ اللَّهُ ۗ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٌ
ඔවුන් සියල්ල එක්රැස් කරන දින අහෝ ජින් සමූහයනි! මිනිස් වර්ගයාගෙන් වැඩි දෙනා (නොමඟ යවා) නුඹලා අධික කර ගත්තෙහුය. මිනිසුන් අතුරින් වූ ඔවුන්ගේ සමීපතයින් අපගේ පරමාධිපතියාණනි, අපගෙන් ඇතැමෙක් ඇතැමෙකු ගෙන් භුක්ති වින්දහ. අප වෙත නුඹ නියම කළ කාල සීමාව ළඟා විය යැයි පවසති. (එවිට) නුඹලාගේ නවාතැන (නිරා) ගින්නය. අල්ලාහ් අභිමත කළ (ඇතැම්) අය හැර ඔවුහු එහි සදා තනිකයින් වෙති. සැබැවින්ම නුඹගේ පරමාධිපති ප්රඥාවන්ත ය. සර්ව ඥානීය යැයි පවසයි.
තෆ්සීර්
අහෝ දූතය! මිනිසුන් හා ජින් යන දෙවර්ගය එක්රැස් කරනු ලබන දිනය මෙනෙහි කරනු. එවිට අල්ලාහ්, අහෝ ජින් වර්ගයනි! ඔබ මිනිසුන් නොමඟ යැවීමෙහි හා අල්ලාහ්ගේ මාර්ගයෙන් වැළැක්වීමෙහි අධික ලෙස නිරත වූහැයි අල්ලාහ් පවසයි. තම පරමාධිපතිට පිළිතුරු දෙමින් ඔවුන් අනුගමනය කළ මිනිසුන්: අපගේ පරමාධිපතියාණනි, අපගෙන් සෑම කෙනෙකුම තම සගයාගෙන් භුක්ති විඳ ඇත. ජින්නුන්ද මිනිසුන්ට අවනත වෙමින් භුක්ති විඳ ඇත. එමෙන්ම මිනිසුන්ද තම ආශාවන්ට වහල් වෙමින් භුක්ති විඳ ඇත. ඔබ අපට නියම කළ කාලය අප වෙත ළඟා වී ඇත. එයයි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය යැයි පවසති. එයට අල්ලාහ්, නිරා ගින්න ඔබේ සදාතනික නිවහනයි. නමුත් ඔවුන්ගේ මිනීවල වල් වලින් ඔවුන් අවදි කරවා නිරය වෙත ගමන් කරවීම අතර කාලය හැර යැයි අල්ලාහ් පවසයි. අල්ලාහ් අතිරික්තයක් ලෙස පිරිනැමූ මෙම කාලය තුළ පමණක් නිරා ගින්නෙහි සදා නොසිටිනු ඇත යැයි පවසයි. අහෝ දූතය! සැබැවින්ම ඔබේ පරමාධිපති, ඔහු සැලසුම් කිරීමෙහි හා නියම කිරීමෙහි මහා ප්රඥාවන්තය. ඔහුගේ ගැත්තන් පිළිබඳ ව හා ඔවුන් අතුරින් දඬුවමට සුදුස්සන් කවුරුන්දැයි ද ඔහු මැනවින් දන්නාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න