සූරා 6 · ජුස් 8
Al-An'am · 6:124
وَإِذَا جَاءَتْهُمْ آيَةٌ قَالُوا لَنْ نُؤْمِنَ حَتَّىٰ نُؤْتَىٰ مِثْلَ مَا أُوتِيَ رُسُلُ اللَّهِ ۘ اللَّهُ أَعْلَمُ حَيْثُ يَجْعَلُ رِسَالَتَهُ ۗ سَيُصِيبُ الَّذِينَ أَجْرَمُوا صَغَارٌ عِنْدَ اللَّهِ وَعَذَابٌ شَدِيدٌ بِمَا كَانُوا يَمْكُرُونَ
ඔවුනට (මුහම්මද් තුමාණන්ගේ නබිත්වය තහවුරු කරමින්) යම් සාක්ෂියක් පැමිණි විට අල්ලාහ් ගේ දූතවරුන්ට පිරිනමනු ලැබූවාක් මෙන් යමක් අපටද පිරිනමනු ලබන තෙක් අපි විශ්වාස නොකරන්නෙමු යැයි ඔවුහු පැවසුවෝය. තම දූත මෙහෙවර කොතැනක තැබිය යුතු දැයි අල්ලාහ් මැනවින් දන්නාය. වැරදි කළවුන් ව ඔවුන් කුමන්ත්රණ කරමින් සිටි දෑ හේතුවෙන් අල්ලාහ් වෙතින් වූ අවමානයක් හා දැඩි දඬුවමක් හසුකර ගනු ඇත.
තෆ්සීර්
දෙවියන්ට ප්රතික්ෂේප කරන්නන් අතර සිටි ප්රභූවරුන් වෙත තම නබිවරයාණන් වෙත අල්ලාහ් පහළ කළ පාඨ වලින් එක් පාඨයක් පැමිණි විට ඔවුහු නබිවරුන්හට දෙනු ලැබූ නබිත්වය දූත මෙහෙය වැනි දෑ මෙන් යමක් අල්ලාහ් අප වෙත පිරිනමන තෙක් අපි විශ්වාස නොකරන්නෙමු. යැයි පැවසූහ. දූත පණිවිඩය සම්බන්ධයෙන් නිවැරදි ලෙස කටයුතු කළ අය හා එහි බර උසුලන්නන් කවුරුන්දැ?යි ඔහු මැනවින් දන්නාය. ඒ අනුව නබිත්වය හා දූතත්වය ඔහුට නියම කරනු ඇත. මෙම අපරාධකරුවන් සත්යයෙන් පෙරළී අහංකාර කම් පෑ හේතුවෙන් අපකීර්තියට හා අවමානයටත් ඔවුන්ගේ කුමන්ත්රණ හේතුවෙන් දැඬි දඩුවමටත් මුහුණ දෙන්නට සිදු වනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න