සූරා 6 · ජුස් 8
Al-An'am · 6:123
وَكَذَٰلِكَ جَعَلْنَا فِي كُلِّ قَرْيَةٍ أَكَابِرَ مُجْرِمِيهَا لِيَمْكُرُوا فِيهَا ۖ وَمَا يَمْكُرُونَ إِلَّا بِأَنْفُسِهِمْ وَمَا يَشْعُرُونَ
එලෙස සෑම ගමකම එහි කුමන්ත්රණය කරනු පිණිස එහි වැරදි කරන නායකයන් ඇති කළෙමු. ඔවුහු කුමන්ත්රණ කරනුයේ ඔවුන්ටම මිස නැත. තවද ඔවුහු (ඒ බව) නොහඟති.
තෆ්සීර්
මක්කාවේ විසූ, දෙවියන්ට ආදේශ කළවුන් කළ මහා පාපකම් වලින් එක් උදාහරණයක් වන්නේ අල්ලාහ්ගේ මාර්ගයෙන් මිනිසුන් වැළැක්වීමයි. ෂෙයිතාන්ගේ මාර්ගය වෙත ඇරුයුම් කිරීමේ ඔවුන්ගේ කුමන්ත්රණ හා කූට උපායන් ඔවුන් දියත් කිරීමටත්, දූතවරුන් හා ඔවුන් අනුගමනය කළවුන්ට විරුද්ධ වීමටත්, අපි සෑම ගමකම නායකයින්, ප්රභූවරුන් ඇති කළෙමු. අවසානයට සිදු වූයේ ඔවුන්ගේ කුමන්ත්රණය හා කූට උපක්රම ඔවුනට එරෙහිවම පිහිටීමය. ඔවුන්ගේ අඥානකම හා තම ආශාවන්ට වහල්වී සිටි බැවින් ඒ ගැන ඔවුන් වටහා ගත්තේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න