සූරා 6 · ජුස් 8

Al-An'am · 6:122

أَوَمَنْ كَانَ مَيْتًا فَأَحْيَيْنَاهُ وَجَعَلْنَا لَهُ نُورًا يَمْشِي بِهِ فِي النَّاسِ كَمَنْ مَثَلُهُ فِي الظُّلُمَاتِ لَيْسَ بِخَارِجٍ مِنْهَا ۚ كَذَٰلِكَ زُيِّنَ لِلْكَافِرِينَ مَا كَانُوا يَعْمَلُونَ

යමෙකු (දේව ප්‍රතික්ෂේපය හේතුවෙන්) මිය ගිය අයකු ව සිට පසු ව ඔහුට අපි (යහමඟ තුළින්) ප්‍රාණය ලබා දී ඔහුට ආලෝකය ද ඇති කොට එමගින් ජනයා අතර ඇවිද යන්නේද එවන් අයකු අන්ධකාරයන්හි සිට එයින් බැහැර ව යා නොහැකි අයකු මෙන් වන්නේද ? දේව ප්‍රතික්ෂේපකයින්ට ඔවුන් සිදු කරමින් සිටි දෑ අලංකාරවත් කර පෙන්වනු ලැබුවේ එලෙසය.

තෆ්සීර්

අල්ලාහ්ගේ මග පෙන්වීමට ලැබීමට පෙර තමන් තුළ පැවති දේව ප්රතික්ෂේපය අඥානකම හා පාපකම් සමග වී මියගිය අයකු ලෙස සිටි පුද්ගලයා -ඔහුට දේව විශ්වාසය, දැනුම හා අවනත වීම සඳහා මග පෙන්වීම තුළින් අපි ඔහුව ප්රාණවත් කළෙමු.- දේව ප්රතික්ෂේපය, අඥානකම හා පාපකම් යනාදී අන්ධකාරයෙන් ඉවත් වීමට නොහැකි, ඔහු වෙත නියම මාර්ගය පැටල වී ඇති, යා යුතු ගමන් මග අඳුරු වී ඇති පුද්ගලයකුට සමාන වන්නේද? දේවත්වය ආදේශ කිරීම, මිය ගිය සතුන් ආහාරයට ගැනීම හා ව්යාජ දෑ තර්ක කිරීම වැනි පාපකම් දේවත්වය ආදේශ කරන මොවුනට ආලංකාරවත් කර පෙන්වනු ලැබුවාක් මෙන්ම, දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වේදනීය දඬුවමෙන් විපාක දෙනු පිණිස ඔවුන් සිදුකරමින් සිටි පාපකම් ඔවුනට අලංකාරවත් කර පෙන්වන ලදී.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න