සූරා 6 · ජුස් 8
Al-An'am · 6:125
فَمَنْ يُرِدِ اللَّهُ أَنْ يَهْدِيَهُ يَشْرَحْ صَدْرَهُ لِلْإِسْلَامِ ۖ وَمَنْ يُرِدْ أَنْ يُضِلَّهُ يَجْعَلْ صَدْرَهُ ضَيِّقًا حَرَجًا كَأَنَّمَا يَصَّعَّدُ فِي السَّمَاءِ ۚ كَذَٰلِكَ يَجْعَلُ اللَّهُ الرِّجْسَ عَلَى الَّذِينَ لَا يُؤْمِنُونَ
අල්ලාහ් යමෙකුට මඟ පෙන් වීමට සිතන්නේ ද ඔහුගේ හදවත ඉස්ලාමය වෙතට විවෘත කරනු ඇත. තවද ඔහු ව නොමඟ හැර දමන්නට ඔහු සිතන්නේද ඔහුගේ හදවත අහසට නගිනවාක් මෙන් දුෂ්කර ඉතා පටු (පීඩනයෙන් යුත් හදවතක්) බවට පත් කරයි. විශ්වාස නොකරන්නන්හට අල්ලාහ් දඬුවම් කරනුයේ මෙලෙසය.
තෆ්සීර්
අල්ලාහ් කවරෙකු යහමග වෙත ආශිර්වාද කරන්නට අභිමත කළේද ඉස්ලාමය පිළිගැනීම සඳහා ඔහු ඔහුගේ හදවත පුළුල් කරනු ඇත. ඔහු කවරෙකුව අපහාස කරන්නට අභිමත කළේද යහමග සඳහා ඔහු ආශිර්වාද නොකරයි. සත්ය පිළිගැනීමට නොහැකි අයුරින් ඔහුගේ හදවතට දැඩි පීඩනයක් ඇති කරයි. අහසට නැග යාම දුෂ්කර වනවාක් මෙන් ඔහුගේ හදවත තුළට සත්යය පිවිසීම වළක්වනු ඇත. එය ඔහු විසින් කළ නොහැක. මෙසේ දැඩි පීඩන තත්ත්වයකින් පවතින වාතාවරණයක් අල්ලාහ් ඔවුනට ඇති කළාක් මෙන්ම ඔහු විශ්වාස නොකරන්නන්හට දඬුවමද ඇති කරයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න