සූරා 6 · ජුස් 8

Al-An'am · 6:116

وَإِنْ تُطِعْ أَكْثَرَ مَنْ فِي الْأَرْضِ يُضِلُّوكَ عَنْ سَبِيلِ اللَّهِ ۚ إِنْ يَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَإِنْ هُمْ إِلَّا يَخْرُصُونَ

මහපොළොවේ සිටින බහුතර යක් දෙනාට නුඹ අවනත වන්නේ නම් නුඹ ව අල්ලාහ්ගේ මාර්ගයෙන් ඔවුහු නොමඟ යවනු ඇත. ඔවුහු අනුගමනය කරනුයේ හුදු අනුමානයන් මිස නැත. තවද ඔවුහු උපකල්පනය කරන්නන් මිස නැත.

තෆ්සීර්

මිහිතලයේ වෙසෙන මිනිසුන් බොහෝ දෙනෙකුට ඔබ අවනතවන්නට නියම කරනු ලැබුවේ නම් අල්ලාහ්ගේ දහමින් ඔවුන් ඔබ ව මුළා කරනු ඇත. සත්යය ඇත්තේ සුළු පිරිසක් සමගය යන අල්ලාහ්ගේ පිළිවෙත ක්රියාත්මක විය. ජනයා අතුරින් බොහෝ දෙනා අනුගමනය කරනුයේ කිසිදු සාධකයක් නැති අනුමාන පමණි. සැබැවින්ම තමන් නමදින දෑ අල්ලාහ් වෙත තමන් ව සමීප කරනු ඇතැයි ඔවුන් අනුමාන කරති. ඒ පිළිබඳ ඔවුහු බොරු පවසති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න